බාල සරස්වතී තෛලය

අරළු සුවඳ මොට මිරිකුළු කැකුළු ගෙන
සිඳලුනු වඳකසා සහ ඇටපලම් ගෙන
සතර එකට සිඳ නැලියක් ගිතෙල් ගෙන
එලකිරි සතර නැලියක් සී සොඳින

සුබ දින සිඳ යොගය ගුණ බලාගෙන
සුභ දින සුභ දිසා සරසවි වරන් ගෙන
කිලිකුනු වලකමින් පානය කලෝ තින
දැනුමැතිවේය පෙර සෘෂිවරු කීව දන

වික්කල් වැටෙනවා නං බස ගොළු වේනන්
උන්මාදෙං සැමතැන පැන දිව්වේ නන්
ඇඟ දඟකරන හික්මිමක් නැති නන්
අනන් මනන් විපරිත බස් දොඩා නන්..