මහා නාලිකෙර තෛලය

මෙය වර්ෂ 1902 රචිත පොතක් උපුටා ගන්නා ලදී .
ආයුර්වේද වෛද්‍යවරයකු ලවා සකස් කර ගන්න .
එය මෙලෙසට කවියෙන් සදහන් වෙයි ...

01කසපැන් දිය සිවු නැලියක් එලකිරි එහි සමානවද
තලතෙල් නැලියක් සමගින් කසායෙහිම වක්කර සෙද
ඉසිවදනින් පැවසු මේ කල්කෙට ඔසු දනු නිව රද
වැල්මී සදුනුත් කොට්ටං ඉරමුසු කොකුමුත් අගිල් ද

02තිකුළු තුවර මහනෙල් අල සතකුප් නාමල් රේ ණු
ජටාමාංස ම්‍රගනාබිත් සාදික්කා සපු කැකුලි
ණු
කපුරුත් එංසාලුත් කටුකරොහිනී නොවහැරු
ණු
කිරිබදු අල හිරිවේරිය සුනුමල් තිපලුත් එග
ණු

03මෙ හැම තුන් තුන් කලඳය ගනිමින් නිය මේ
අඹරා ඒ තෙල් කලතා උදුනෙහි මදගිනි මේ
සමපාකය පදමට සිඳ තුන්දින පසුකර මේ
බා පෙරමින් අබ්‍යඟය කරණ සතට ගුන මේ

04සියලුම පිත් විකාරයද කණිරෝග නොයෙ කී
හිසරුජාද නෙත් හැකුළුම් ඇඟදායත් නැත සැනෙ කී
මෙකී රෝග දුරුවීමට ඉසිවරයන් පෙර කී
තොසේ ලෙසට පැවසු මහනාලිකේර තෛලයකී....