කාමේශ්වර මෝදකය


අභ්‍රක භශ්ම  උළුහාල්  කට්ඵල  එළ ඇඹුල් මැලියම්  කොට්ටං  කිරිබදු අල  අමුක්කරා   බින්තල් අල  රසකිඳ  හීන් ගොකටු  මහාබැබිල
ඉකිරි දඬු  සාදික්කා මද  ඉඟුරු පියලිය  කර්කටකශෘංගි  සවිඳ ලුණු  රත්නෙටොල් තීකුළු  ගජතිප්පිලි  චතුර්ජාත  ඉරිවේරිය  මුද්‍රපලම්  වඳුරු මෑ ඇට  එළ ඉඹුල් මුල්  අළු කෙසෙල් අල  හාතාවාරිය අල  අසමෝදගම්  උඳු  තල  කොත්තමල්ලි  කෙළිඳැට  ශුධ අත්තන ඇට  සිරිතේක්කු  දෙදුරු  සාරණ  තිපල් 

මේ හැම සමානව චූර්ණ කොට බරට බරක් කංසා කොළ චූර්ණද මිශ්‍රකොට එමෙන් දෙගුණයක් සීනිද ලා එළගිතෙලින් හා මීපැණියෙන් අඹරා ඔළිඳ ඇට 2ක බරට ගුළි තනා වළදනු .

ගුණාගුණ :  ශුක්‍ර වඩවයි ,ශුක්‍ර ස්ථම්භනයවේ,කාමිනීන් ප්‍රියකරවයි,වශීකරවයි,සැපෙන් සැප දේ,බහුභාර්‍යා සේවනයට සමත්වේ,දුර්වලයා තරකරයි,වැහැරුනවුන් තරකයි,ග්‍රහණි ආම නසයි ,වාජීකරණයයි ,කාස,ඇදුම,අතීසාර සමනය කරයි ,කාමගිනි අවුලුවයි,අර්ශස්, ප්‍රමේහ,සෙම් රෝග නසයි,නිති සතුට ඇති කරයි,වෙසෙස් කවිතා උපදවයි(කතා කිරීමේ,කවි ගායනය ආදියෙ දක්ෂතාව )විලාසාවන්ගේ රුචිය පහලවේ,ස්ථීර නුවණ ඇතිවේ,මහල්ලන්ට තිරිහන්කම ලැබේ.

*** 'මහා කාමේශ්වර' යන නමින්ද මෙය හදුන්වයි***