ඉපැරැණි මහා හන්දි තෛලය

හාතවාරිය කොළ,
කටුපිළ,
මුරුවා කොළ,
දිඹුල් කොළ,
ගොන්කැකිරි කොළ,
බේඳුරු කොළ,
 සැවැන්දරා,
 කිරිවැල්ලා කොළ,
මදු කොළ,
 බිං තබුරු කොළ,
 නවහන්දි,
 පොල්මල්,
 පුවක් බඩ,
 තොටිල පොතු,
 නෙටුල් පොතු,
 බූකැන්ද පොතු,
මේවා එකපමණ ගෙන කොටා මිරිකා ඊට තල තෙල් ,මීතෙල්, පොල්තෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල් යන මේවා ලිප තබා මීට තිපල්, ඉඟුරු, මිරිස් ,අබ, වදකහ, පාටකහ, දේදුරු, අසමෝදගං ,කරාබුනැටි, සාදික්කා ,වසාවාසි යන මේවා අබරා තෙලට යොදා කකාරා කල්ක ඉටි පදමට බා පෙරා ගන්න

අස්ථි බිදුනු තැන්වල ගාන්න වහා සන්ධි වේ
තැලුනු තැන ගාන්න වහා සුවවේ