කාමදේව ඍතය

ආහාරපාන හා විශම චර්යා රටාවන්ය , කෘතිම ආහාරපාන ගැන අමුතුවෙන් හඳුන්වාදියයුතු නැත , චර්යා රටාවන් කායිකව හා මානසිකව යනුවෙන් දෙවැදෑරුම් වේ. කායිකව නම් නිසි ව්‍යායාම නැතිවීම දහවල නිදීම අධික සම්භෝගය හා පෝෂණඌනතා යනුයි. මානසිකව නම් ආතතිය , ඉඳහිට හෝ යම් භාවනා ක්‍රමයක් අනුගමනය නොකිරීම ,අසැබි දර්ශන නැරඹීම , යනාදිය පුරුදු වශයෙන් පවත්වාගෙන යාම. මෙම තත්වයන් ඖෂධ මගින්ම පමනක් පාලනයකල නොහැකි අතර ඉහත සඳහන් චර්යාවන් රටායෙන් මිදී නියම හෙළයෙකුමෙන් තමාට සමාජයට පරිසරයට ආදරය රැකවරනය සැලසීමෙන් මෙම තත්වයන් පාලනය කරගත හැක . . . ඉහත සඳහන් රෝග සහ අනෙකුත් ව්‍යාධීන්හට ගැලපෙන ඔසුවක් පත්ඉරු තුලින් ලැබුන අතර එය එපරිදිම පලකරමි. . . ෴ කාමදේව ඍතය ෴ අමුක්කරා පලම් "100 යි. බැබිල මුල් පලම් " 10 යි. අස්වැන්න , හාතාවාරිය අල , ඇසතු පොතු , ඇදුදෙමට ගෙඩි , උඳු ඇට මෙකීවා සැම පලං 10 බැගින් ද . ගොකටු ඇට පලං 50 යි . රසකිඳ , කිරිබදු අල , සාරණ මුල් , වියලි ඉඟුරු , නෙළුම් ඇටමද , මෙකීවාද සැම පලං 10 බැගින්ද ගෙන මේවා ජලය නැලි 64 ක බහා නැලි 16 ට සිඳුවා පෙරාගත් කෂායට , අෂ්ඨවර්ග , සුවඳ කොට්ටං , පද්මකාෂ්ඨ , රත්සඳුන් , කොල්ලන් කොල , තිප්පිළි , මුද්‍රප්පලම් , වඳුරුමෑ ඇටමද , මානෙල් අල , නාමල්රේණු , ඉරමුසු දෙවගය ,මහ බැබිල , සුළු බැබිල , මේවා එකවගෙන් කලං තුන බැගින් ගෙන චූර්ණකර එම චූර්ණයද සීනි පලම් දෙකක්ද වැලුක් සහ උක් යඅෂ නැලි හතර බැගින්ද ගිතෙල් නැලි හතරක්ද යොදා මදගින්නේ පිසගන්න . ෴ ගුණ ෴ රත්පිත , උරඃක්ෂත , හලීමක , පාණ්ඩු රෝග , සමේ පැහැය වෙනස්වීම , කටහඬ හීනවීම , වාතරක්තය , මුත්‍රකෘච්ඡය , දෑලවර වේදනාව , සෙංගමාලය , පපුවේ දැවිල්ල , කෙට්ටුවීම , ඕජස හීනවීම සුවවේ , ස්ත්‍රීන්ට දරුවන් ලැබේ , ගර්භ රෝග සුවවේ , හදවතට හිතයි , බලවඩයි , රසායනයි,

෴ කාමදේව ඍතයයි ෴෴ .

෴෴ නිමි ෴෴

මෙම ඔසුව සේවනයට පෙර වමන විරේකාදියෙන් ශරීරය ශුද්ධකොට ඇඟ සිසිල්කරවා මෙය භාවිත කරන්න.