ලක්ෂ්මි විලාස තෛලය



හාතාවාරිය අල යුෂ නැළි 2
කෙසෙල් අල යුෂ නැළි 2 
පොල්කිරි නැළි 2
පුහුල් යුෂ නැළි 2
කාඩි දිය යුෂ නැළි 2
කිරිබදු අල ස්වරරස නැළි 2
ගොකටු ක්වාථ නැළි 2
නෙල්ලි ඉස්ම නැළි 2
දී පෙරලි දිය නැළි 2
ලාක්ෂා ස්වර රස නැළි 2
එළුකිරි නැළි 2 

මේ සියල්ල ගෙන බඳුනෙක ලා එයට තලතෙල් නැළි 2 ක්ද යොදා
කල්කයට : ඉඟුරු පියලි,සපුමල් ,කළාඳුරු ,බැබිල ,බෙලි,අමුක්කරා ,බටුමුල්,වංඇපල ,දෙසදුන්,වැල්මදට ,දෙ හිරමුසු,දෙකසා,වැල්මී ,මීමල් ,පද්මකාෂ්ට ,මානෙල් අල ,ඉරිවේරිය ,අසමෝදගම්

මේ ඔසු සහා සියලු සුගන්ධ ද්‍රව්‍යයන්ද සියල්ල පලම් 8ක්ද අඹරා තෙලට බහා කතා නොකොට දැමුනු ඉඳුරන් ඇතිව මඳ ගින්නේ පදමට සිඳුවා බා පෙරා සුරැකිව තබා ගනු .

මාත්‍රාව : මින් තෙල් ස්වල්පයක් හිස ගල්වනු

ගුණාගුණ : මොළයේ සියලු රෝග,ස්නායු දුර්වලත්වය,විංශතිවිධ ප්‍රමේහ ,වාත රෝග ,මුර්ච්ජා ,උන්මාද ,අපස්මාර ,ග්‍රහණි ,පඬුවන්වීම ,ශොෂය,නපුංසකත්වය,වාතරක්තය ,මූඪගර්භ,ආර්තව දෝෂ ,ශුක්‍ර දෝෂ සුවකොට පෝෂණය කරයි.කාන්තිය ධෘතිය මේධා වර්ධනය කරයි .

දෙසඳුන් = රත් හදුන් ,සුදු හඳුන්

දෙ හිරමුසු = හීන් ඉරමුසු ,මහා ඉරමුසු

ස්වර රස =  ඉස්ම ගැනීම අපහසු වූද,යුෂ
 රහිතවූද ඔසු ගෙන කපා කොටා බෙහෙත් ද්‍රව්‍ය මෙන් අට ගුණයක් ජලය දමා සතරෙන් එකට සිඳුවා ගැනීම ස්වර රස සාදාගන්නා එක් ක්‍රමයක් වේ.

කාඩ් දිය = (වර්තමානයේ ) විනාකිරි