ගව වෙදකම - දෙවන කොටස



* මුට්ට අඩසම

මෙහිදී රෝග ලක්ෂණ වන්නේ බඩ ඉදිමීමයි. මෙයට ප්රවතිකාර පහත ලෙසයි.

I.  කරල්සැබෝ මුල් කොටා දියවක්කර කකාරා වතාවක් විතර පොවනු. විරේක වෙයි.

II. බෝසුඹුලු, මූණමල්පොතු, දෙහිකොළ, ගලේ බැදී තිබෙන සුඹුලු කොටා වේලා කොළ කඹලක ලා පුළුස්සා අගුරු ගෙන සුදුළූනු, බුලත් කොළ, දොඩං මල්, ඉගුරු, වදකහ මේවා පැහිච්ච වරා කොළ යුසින් අඹරා දෙකට බෙදා ගුලිකර එකක් එම යුසින් පොවනු. එකක් තැබිලි කොළ යුසින් පොවනු.

* මුර්ග්ග අඩසම

මෙහිදී රෝග ලක්ෂණ වන්නේ බෙල්ල ඉදිමීමයි. ගොරවන හඩක් මෙන් ඇසෙයි. මෙයට ප්රේතිකාර පහත ලෙසයි.

I.   කපු පොතු, ලුණුවරණ පොතු, වරකා පොතු, හකුරු, මිල්ල කොළ, වදකහ යන මේවා කොට්ට පොල් සමග කොටා ඇග ගා තවනු.

II.  තුඹ මුල්, කිරිබදුඅල, අබ යන මේවා ඉගුරු යුසින් අඹරා දහයියා බැද කුඩුකර දමා කකාරා වතාවක් පොවනු.

III. කකුල් කොරගසයි කුරයක් දික්වෙයි නම් මරු පාගව්වේ.මීට දෑලේ පුලුස්සනු.