නහර ගැටගැසුම් ( Varicose Veins )



* ශරීරයේ වාතය වැඩිවීම නිසා නහර ගැටගැසුම්ද රුජාද ඇතිවේ. ඒ සදහා මෙම පහත දැක්වෙන ප්‍රතිකාර යොදන්නේය.

1. නෙල්ලි, රසකිඳ, ගොකටු, ඉකිරි මුල්, හාතාවාරිය අල, රණවරා කෂාය සීනි මි පැණි බහා දෙන්නේය

2. රාත්‍රී නින්දටයන කල නෙල්ලි කෂාය පත භාගයක් මී පැණි අවුන්සයක් බහා දෙන්නේය.

3. බෙලි, තොටිල, කුරුදු මේවා කොළ පොතු, යකවනස්ස මුල් ගිතෙලින් බහා දෙන්නේය.

4. දියලබු මද, වැටකයා බොඩ ගිතෙලින් අඹරා රත්කර බඳින්නේය. ( නහර දිගහැරේ )