අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.

* පළමු පියවර

මනා ආහාර පාලනයක් කරන්න

උදේ ආහාරය ලෙස කුමක්‌ හෝ මාංශ භෝගයක්‌ (කඩල, කව්පි, මුං ඇට, මෑ ඇට) ගත යුතුයි. දහවලට බත් කෝප්ප භාගයක්‌, ගොටුකොළ.රණවරා කොළ හෝ වෙනත් මැල්ලුම් වර්ගයක්‌, එළවළු වැඩිපුරත් ආහාරයට ගත යුතුයි. තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළු, මස්‌, මාලු, නිතරම කෑමට එකතු කර ගත යුතුයි. ආහාරයට ගන්නා බත රතු බාස්‌මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහි පිෂ්ඨය අඩු අතර කුරුට්‌ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැබෙනවා.

* දෙවන පියවර

නිල තෙරපුම මගින් අග්න්‍යාෂයේ සෛල ක්‍රියාත්මක කරන්න

බොහෝ දෙනෙකුගේ තුනටිය ප්‍රදේශයේ අග්න්‍යාශයට රුධිරය සපයන්නා වූ හා පණිවිඩ රැගෙන යන්නා වූ නහර හා ස්නායු අවහිර වීම මගින් අග්න්‍යාශයේ සෛල දුර්වල වී ඉන්සියුලින් නිපද වීම අඩු වීම හෝ නැති වී යාම සිදුවේ..මෙය නිල වෙදකම පිළිබද අත්දැකීම් ඇති වෛද්‍යවරයෙක් මගින් සකස් කල ගතයුතු වේ.

* තුන් වන පියවර

දේශීය ඖෂධ භාවිත කරන්න

මාස 6 ක් එක දිගට රණවරා ගසෙහි පස්පංගුව මිටක් පමණ ගෙන 4 - 1 ට හිද උදේ 10.00 ට සවස 3.00 ට පත භාගය බැගින් පානය කරන්න.

මෙම පියවර තුන අනුගමනය කිරීමෙන් දියවැඩියාව නිට්ටාවටම සුවකල හැක.