මහ ගුරුළු රාජ තෛලය


හොදයි කුමක්ද මෙ තෛලය මෙයින් කුමක්ද කරන්න පුළුවන් කෙටියෙන් ඒ සම්බන්ධ කරුණු දැන ගමු ...

සර්ව දෂ්ට කල විට දෂ්ට මුකයට ඉහලින් තදකර බැඳ මුඛය කඩා ලේ මිරිකා හැර පාන්තිරයක් ගෙන මෙම තෙල්වල බහා පොගවා ගිනි අවුළුවා එයින් වැගිරෙන තෙල් දෂ්ට මුඛයට හෙලා පුළුස්සන්න,පොතෙහි සදහන් මෙලෙසටයි,,දුවන සතෙකුගේ පාද කැඩුනා මෙන් විෂ බැස බිදෙයි....

තුවර කරඹ නික දෙහි එල බින්තඹු රෑ
කුඹුර අවරි බෙලි ඇති තුත්තිරි මදු රෑ
පුනර වයද පොඩි මහද ද ගනය හි රෑ
ඉකිර මෙමුල් ගෙන කහපොඩි කලුව මැ රෑ

තුඹ ද අල කසා මෙය සම කොටනුය සා
එය ද හැටහතර පලමා එකතු ලෙ සා
ජල ද සොලස නැලි ලා බඳුනක දව සා
ලිපද තබ සිඳිනු නැලි සතරා විල සා

සියලු මෙකී අරගනු මිරිකා පෙර ලා
නෙරලු කිරි සතරා නැලි දමනු සැ ලා
ඇඹුලු දෙසේ විදුරඹ නැලියා එය ලා
තැබිලු ලිපේ මිතෙල් නැලියකුත් හ ලා

නෙරිය විසා දෙදුරුද ටන්කනය ක නා
හරිය තලා රිදි තුතු රස මෙය කිය නා
කෙරිය එකා පමණට පත කිරව ගෙ නා
දැරිය තෙලේ අඹරව යස කලත ව නා

සිදිනු විලාපේ දරයෙන් මුර රැක් කේ
බලනු තෙලේ ලනු ඇඹරෙනවා කල් කේ
එවෙනු බා පෙරා තෙල යස නොපරක් කේ
දමනු බාජනා අසුරව නිවිදැක් කේ

නොකල් සපෙකු කැමුක බැඳ ඉහත ත දා
කැඩිල් මුකය ලේ මිරිකව යවනු සො දා
දැමිල් තෙල් පාන්තිර ගිනි මුක තුල දා
දිවිල් පා කැඩුව සතුමෙන් විසය බි දා...