තෘණ පඤ්ච මූලය



සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ වල තෘණ පංච මූලය නොයෙක් විධියට දැක්වේ. ලංකාවේ දේශීය චිකිත්සා ක්‍රමයෙහි සඳහන් වන තෘණ පංච මූලය, භාරතීය සංස්කෘත ග්‍රන්ථයන්හි සඳහන් තෘණ පංච මූලයට සම්බන්ධ කමක් නොදක්වයි. ලංකාවේ සුලබ තෘණවලින් මෙරට තෘණ පංච මූලය සකස් කරගෙන ඇත.

1වන මතය- තෘණ පඤ්ච මූලය
1, කුශ = කුස තණ.
2, කාශ= රඹුක්
3, ශර (සරො)
4, දර්‍භ = ඉළුක්
5, ඉක්ෂු = උක්

2වන මතය- චරක සංහිතාව( කුමාරකේලි ව්‍යාඛ්‍යා සූ 4)
1, දර්භ = ඉළුක්
2, කුශ= කුස තණ
3, කාශ= රඹුක්(වැල්උක්)
4, ගුන්ඳ්‍ර= ගුළුතණ
5, ඉත්කට මූල= ඉකිළිතණ

3වන මතය- සුශ්‍රැත සංහිතා (කුශකාසනලදර්‍භකාණ්ඩේක්ෂුකා ඉති)
1. කුශ = කුස තණ
2, කාස =රඹුක්
3, නල = රණඋණ ,
4, දර්භ = ඉළුක්
5, කණ්ඩෙක්ෂුක = උක්( උබයසේකර අර්ථ දැක්වීම)

සුශ්‍රැත සංහිතා සිංහලානුවාදයේ (බුද්ධදාස) සඳහන් තෘණ පංචමූලය, 1, කුස තණ 2, වැලුක් 3, බට 4, ඉළුක් 5, උක්

 4වන මතය /ශාලික්ෂු කුශ කාශ්‍යෛාත් සරෙණ තෘණපංචකම්/
1, ශාලි
2, උක්
3, කුසතණ
4, රඹුක්
5, නලාබට

 5 වන මතය - දේශීය තෘණ පංච මූලය
ඊතණ උක් වැලුක් මුල්ද
රණ උණ හා ඉලුක් මුල්ද
මේ තණ පස් මුල් ගණයද
කිච්ඡා හැර දෙයි වස්තිද

1, ඊතණ  Cynoden dactylon
2, උක් Saccharum officinarum
3, වැලුක් Saccharum arundinaceum
4, රණ උණ Ochlandra stridula
5, ඉළුක් Imperata cylindrica