ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්

බැබිල මුල් මල පිට පට
ආඩතෝඩා මුල් මල පිට පට
සැවැන්දරා මුල්
අමු ඉගුරු
වැල්මී
සුදු සදුන්
මේවා කලං දෙක බැගින් ගෙන කොටා උක්පැණියෙන් තම්බා මිරිකා සීනි ගිතෙල් දමා බොනු

ඊටම

බැබිල මුල්, ඉරිවේරිය, ඉරමුසු මුල්, මුද්දිරප්පලම්, වැල්මී, මුංපියලි, මී මල්, උගුරැස්ස මුල්
මේවා කලං එකහමාර බැගින් ගෙන අටිනෙකට සිද සීනි ගිතෙල් දමා බොනු

ඊටම

පුහුල් ගෙඩියේ බේත

ඉඹුල් පොතු යුස පතයි
ඉරිවේරිය යුස පතයි
දෙහි ඇඹුල් පතයි
පුහුල් යුස පතයි
අමු ඉගුරු යුස පතයි
කිතුල් හකුරු බෑවයි
උක්පැණි පතයි
මේවා පුහුල් ගෙඩියේ ඇස්ස කපා බෙහෙත් යුෂ එහි වත්කර සුදුසදුන්, වැල්මී, ඉගිනි ඇට මේවා අඹරා එහි දියකර පියන වසා මැටි ගා වී යට දින 3ක් තබා රැගෙන හත් වරුවක් පානය කර නැවත දිය වත්කරනු..ගිනියම් කෑම නොකනු..

මේ සියලු බෙහෙත් මුත්‍රා දැවිල්ලට, පිත් විකාරයට, ගිනියමට, අම්ල පිත්තයට යහපති
පාරම්පරික පුස්කොල පොතෙහි ආකාරයටම වෙනස් නොකොට පල කර ඇත..
තෙරුවන් සරණයි !!!