සියළු වාත රෝග සදහා ගුණදෙන උතුම් ප්‍රසාරණී තෛලය

ආපසමදු පලම් සියයක් දිය ද්‍රෝනයක ලා සතරෙන් එකට කකාරා තලතෙල් නැලියක්, දී නැලියක්, කාඩි නැලියක්, එළකිරි සතර නැලියක් කල්ක වැල්මී, තිප්පිලි, රත්නිටුල් සහිද ළුනු වදකහ ආපසුමදු දේවදාර අරත්ත ගජතිප්පිලි බදුලෑව ශතපුෂ්ප ජඨාමංස යන මේවා සතරෙන් එකක් කල්ක බහා ලා කකාරන ලද මේ උතුම් තෛලය. වා සෙම් රෝග ජයගනී කුදු බැව් කොර බැව් ගුද්‍රසි අර්දිවාත හනුපිට ඉස ගෙල කටී තද බැව් නසාඅනිත් විෂම වාත සියළු වාත වහා ව්‍යපසමන වන්නේයි.