බිල්වාදී චූර්ණය



බෙලි මුල්                     කළාඳුරු 
සුදුහදුන්                       රත් හඳුන් 
ලොකු අසමෝදගම්   තිරැස්සවාලු
සවිඳ ලුනු                     අමුක්කරා
තිප්පිලි                          උණ කපුරු 
එන්සාල්                         ශිලාජතු
රත්නෙටොල්                 බැබිල මුල්
හීන් අසමෝදගම් 

මේ සියල්ල සමසේ රැගෙන හොදින් චූර්ණය කර තබා ගත යුතුයි .

මාත්‍රාව :  මින් වරකට මාෂක 2බැගින් සිසිල් ජලයෙන් හෝ කාංජික = කාඩි වතුරෙන් (වර්තමානයේ විනාකිරි ) බොන්න .

ගුණාගුණ : මොළයේ සියලු රෝග ස්නායු
                       දුර්වලවීම සුවවේ.

මාෂක 1 = ඔලිඳ ඇට 6ක බර

කාඩිදිය සෑදීම = අමු ගොධූම (තිරිඟු ඇට) පොතුහැර තම්බා ගත් ජලය හෝ එයම බැඳ සන්ධානය කල ජලය හෝ ආරණාල ,කාංජි නම්වලින් හදුන්වනු ලබන කාඩිදිය නම්වේ.

මේරට පැරැන්නන් විසින් තවත්  වෙනස් කාඩිදියක් සාදාගත් වට්ටෝරු කිහීපයක් ඇතත් එම වට්ටෝරු සදහන් පොතේ ස්ථාන කිහිපයක් විනාශ වී ඇති බැවින් ඉදිරිපත් කිරීම සැක සහිතය. මේ වෙනුවට විනාකිරි ගැනීම වර්තමාන ක්‍රමයයි .