කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්


කල් ගතවූ කැස්ස අද බොහෝ දෙනෙකුට ඇති රෝගී තත්වයකි. මෙම ඔසුවද අප විසින් ඔබ වෙත ගෙන එන්නේ වහරක අභයරතනාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේටද අපි ප‍‍්‍රතමයෙන් පුණ්‍යානුමෝදනා කරමු.

පපුවේ සෙම, පෙනහළු වල බැඳී ඇති සෙම, කල්ගිය කැස්ස, බඩේ අජීර්ණය, ඇලදිවේ ආබාධ, හිස රුදාව ඇති කරන හිස් කබලේ කෝටරාභ වල හිරවී ඇති සෙම මුල් කරගෙන හටගන්නා රෝග ගනනාවක් මෙම ඉපැරණි හෙළ ඔසුව මගින් නිට්ටාවට සුව කරනු ඇත.

මෙම ඖෂධය සාදාගැනීම කරමක් අපහසු නිසා ටිකක් වැඩිපුර එකවර සාදා ගැනීම සුදුසුය. කල් තබා ගතහැකි නිසා අවශ්‍ය වූ විට පාවිච්චි කල හැකිය.

අවශ්‍ය ඔසු.

පොතු ඉවත් කල අමු සුදු ළුණු ග‍‍්‍රෑම් 100 : (වේලිච්ච සුදු ළුෑණු නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ)
අමු නිකමුල් ග‍‍්‍රෑම් 100 (වේලිච්ච නිකමුල් නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ )
අමු පාවට්ට මුල් ග‍‍්‍රෑම් 100 (වේලිච්ච පාවට්ට මුල් නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ )
සිහිනියට ගාගත් පොල්,
තල් සූකිරි ග‍‍්‍රෑම් 500 ක්,
අමු බිම් කොහොඹ ග‍‍්‍රෑම් 100බිම් කොහොඹ ගහ පිටින්ම ගත යුතුය. (වේලිච්ච බිම් කොහොඹ නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ )
බිමි කොහොඹ සොයා ගැනීමට අපහසුනම් ඊට ආදේශකයක්.
මේ සඳහා කිරාට කියන පැලෑටිය ගන්න පුළුවන්. කිරාට ගන්නවා නම් ග‍‍්‍රෑම් 200ක් ගන්න වෙනවා ( වේලිච්ච කිරාට නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ ) කිරාට ගහ පිටින්ම ගත යුතුයි.
මේ සියළු ඔසු සිංහල බෙහෙත් බඩු කඩයකින් ලබාගත හැකිය.

සාදාගන්නා ආකාරය.

බෙහෙත් පැලෑටි වර්ග 3 සහ සුදුළුණු හොඳින් අඹර ගන්න. දැන් අඹරාගත් මිශ‍‍්‍රණයට වතුර බෝතල් 4 ක් එක් කර ලිපක් මත තබා මද ගින්දරේ හිදෙන්නට අරිනවා. බෝතල් 1 පමණ වන තෙක් හින්දව ගත යුතුය. දැන් මෙම හිඳගත් මිශ‍‍්‍රණය ලිපෙන් බාගන්න. තරමක් නිවුනාට පසු ඉස්ම රෙදි කඩකට දමා මිරිකා පෙරාගන්න.

දැන් සිහිනියට ගාගත් පොල් ටික කබලක දමා දුම් පිටවන තුරු බැදගන්න. මෙමගින් පොල් වල ඇති තෙල් පිලිස්සී බොහෝ දුරට ඉවත් වනු ඇත. මෙසේ කළු වන මට්ටමට පොල් බැදගන්න. එසේ බැදගත් පොල් තරාදියකින් කිරා ග‍‍්‍රෑම් 500ක් වෙන් කර ගන්න. දැන් ඉහත සඳහන් කල අප විසින් සකසා ගත් ඖෂධ බෝතලය ගෙන මෙම පොල් සමග කලවම් කර ගන්න. මෙම මිශ‍‍්‍රණය හොඳින් අඹරාගත යුතුය. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිතා කල හැකිය.

දැන් මෙම මිශ‍‍්‍රණය තාච්චියක ට දමා ලිපේ තබා තල් සූකිරි ග‍‍්‍රෑම් 500 එක් කරගන්න. මිශ‍‍්‍රණය මදගින්නේ ( අංශක 60ක් පමණ උෂ්ණත්වයක් සෑහේ ) පදම් වන තුරු හොඳට හැඳි ගාන්න. දැන් මෙම චුර්ණය ඝණ වන බව ඔබට අතට දැනෙනු ඇත. මෙය උකු ලාටු වැනි මට්ටමකට පත් වූ පසු ලිපෙන් බාගන්න.

දැන් හොඳින් සෝදා වේලා ගත් ජෑම් බෝතල් වල අසුරාගත හැකිය. ජලය මිශ‍‍්‍ර වීමෙන් වලක්වා ගන්න. එසේ වුවහොත් කල් තබා ගැනීමට අපහසු වන නිසාය.

පාවිච්චි කරන ආකාරය.

මෙම චූර්ණය තේ හැඳි භාගය බැගින් දවසට තුන් වරක් කෑමට පසු ගන්න. සති 23 ගත වන විට කැස්ස සුව වී සෙමද සිරුරෙන් ඉවත්වේ. පොඩි දරුවෙකුට වුවද මෙම චූර්ණය දිය හැකිය. වයස අනුව ටිකක් අඩු මාත‍‍්‍රාවක් දෙන්න.

කිසිදු සංකූලතාවයක් හෝ අගුණයක් ඇති වන්නේ නෑ. වෙනත් බෙහෙත් ගන්නා ගමන් වුවද භාවිතා කල හැකිය. කෑම වලින් ප‍‍්‍රවේෂම් වීමක් අවශ්‍ය නොවේ. සුව වන තුරුම දිගටම පාවිච්චි කරන්න. මෙම ඔසුව මගින් බඩ වැලේ, පපුවේ ආදී ඕනෑම තැනක ඇති සෙම ගැලවිලා ඉවත් වෙනවා. එමගින් ඔබට දැනෙන සහනය කියා නිම කල නොහැකි වේවි. මෙතෙක් කල් තිබූ නොයෙක් ආබාධ මේ හේතුවෙන් නැතිවී යනු ඇත. එසේම බඩ වැල් වල මෙතෙක් කල් රැඳී තිබූ අපද්‍රව්‍යද ඉවත් වන නිසා ශරීරයේ මෙතෙක් කල් තිබූ වෙනත් නිධන්ගත රෝග බොහොමයක් ද සුව වීමට මෙය රුකුලක් වනු ඇත.