ත්‍රිඵලාදි ඝෘතය

තිපල් (අරළ,බුළු,නෙල්ලි ) හීන් ඉරමුසු මුල් වෙනිවැල්ගැට මහා ඉරමුසු මුල් වියලි කහා
පුවගු වල්ගා මිරිස් අස්වැන්න
පොල්පලා දේවදාර එළවාලුකා කුසතණ මහාගොන් කැකිරි අල
දෑත්‍ත අල දෙළුම් ලෙලි නාමල් රේණු
මානෙල් අල එනසාල් වැල්මදට
වළඟසාල් කොට්ටං පද්ම කාෂ්ට
සාදික්කා මද සුදුහදුන් තලිස් පතුරු
එළබටු මුල්

සෑදීම : මේ සියල්ල කලං 3 බැගින් රැගෙන මනාසේ චූර්ණ කර කල්කය වශයෙන් ලා ජලය(ඇල් මැරුණු ජලය ) එමෙන් සිවුගුණයක්ද ගිතෙල් නැළි 1ක්ද යොදා බෙහෙත පිස පදමට බා ගැනීම මැනවි.

ගුණාගුණ : අපස්මාර ,විෂම ජ්වර් (උණ) ,ක්ෂය ,උමතු ,වාතරක්ත,කැසි,මඳගිනි ,ප්‍රතිශ්‍යාය ,තුනටියේ වේදනා ,තුන්දා උණ,සිවුදා උණ,මුත්‍රා කිරීමේ අපහසුව,විසර්පී,කැසුම්,පාණ්ඩු ,ජාංගල හා ස්ථාවර විෂ ,යන රෝග සුවවේ.වඳ ස්ත්‍රීන්ට මෙයින් දරුවන් හටගනී.යක්ශ භූත රාක්ෂ දෝෂ දුරුවේ .