කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)



කෑල ඇට මද රසකිඳ පිටි
කරාබුනැටි බිම්තල්
ත්‍රිජාත කරල් සැබෝ අල
නාමල් රේණු ගස් කෑලිය
කොකුම් සැවන්න මුල්
දිය මිත්ත බැවිල මුල්
නෙළුම් අල විෂ්ණුක්‍රාන්ති
ගොකටු ගල් සෙවෙල්
කළාඳුරු වඳුරු මෑ ඇට
අමුක්කරා කිරිබදු අල
මහා සාරණ මුල් උණ කපුරු
තීකුළු

මේවා සමසේ ගෙන සියුම් සෙ සුණුකොට එමෙන් සිවුගුණයක් එළකිරි වත්කොට කිරි සිඳුවා ගෙන යලිත් බෙහෙත් චූර්ණය වියල නැවත සුණුකොට එයට සම පමණ සීනි ලා මිශ්‍ර කර ගුළි කරනු.මෙම බෙහෙත කාම ප්‍රබෝධය උදෙසා ශ්‍රී ක්‍රිෂ්ණයන් විසින් කියන ලදි.

මාත්‍රාව : මින් පලම් බාගයක් වළදනු .

ගුණාගුණ : මෙම බෙහෙත රෑ වැළදීමෙන් දහසක් ස්ත්‍රීන් සමග වූවත් සංසර්ගයෙහි යෙදිය හැකිසේ ශක්තිය ලැබේ.ප්‍රෞඩ කාන්තාවන්ගේ මානය බිඳිය හැකිවේ.කාමාග්නිය වැඩේ.රෝග දුරුවේ. නෂ්ටශුක්‍ර,නෂ්ටකාම සුවවේ.කාන්තාවන්ගේ සියලු රෝග දුරුවේ.කෙස් කාල වර්ණව වැඩේ.වයස්ථාපනය කරවයි.