පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....



1.ශීත කල බීම වර්ග ,ශීත කල ජලය සහ ශීත ගුණැති අහාර සහ බීම වර්ග හැකිතාක් අඩු කරන්න.

2.කාමර උශ්නත්වය හි ඇති පාන වර්ග හෝ ජලය නම් මද උනුසුමින් බීමට ගන්න.

3.සකස් කරන ලද අහාර, කෘතීම ආහාර,ක්ශනික ආහාර ගැනීම හැකිතාක් අවම කරන්න.

4.එලෙසම අප උෂ්ණ ගුණයැයි සදහන් කරන තක්කාලි,අන්නාසි වැනි අහාරද පීනස් රෝග සදහා අගුණ වියහැක.

5. කිසිම විටක රාත්‍රියට ස්නානය නොකරන්න.එලෙසම පාන්දර ස්නානයද නොකරන්න.

6.ස්නානය කරන විට අවම ලෙස උදේ 10 ත් දහවල් 2 ත අතර ස්නානය කරන්න.අපහසු නම් හවසට උනු ජලයෙන් ශරීරය සෝදා උදයේ උනු ජලය ස්නානය කරන්න.

7.විදුලි පංකා ඍජුව තමන්ගේ හිසට ඉහලින් පවතින ලෙස හො මුහුනට එල්ලවන ලෙස රාත්‍රියට නිදාගැනීම නොකරන්න.

8.AC යන්ත්‍ර ඍජුව නළලට,හිස් මුදුනට එල්ලවන ලෙස සිටීමෙන් වලකින්න.

9.දුවිලි ඇති ස්ථාන ,දුම් සහිත ස්තාන,මල් පරාග බොහෝ ඇති ස්ථාන, ඇද රෙදි ,පාපිසි ගසා දමන තැන්,මකුලු දැල් කඩන විට හැකිතාක් ප්‍රවේශම් ව මුහුනු ආවරන භාවිත කරන්න.

10.සිසිල් සුලග වදිනලෙස යතුරු පැදි ආදිය ධාවනය කරන විට මුහුනු ආවරන භාවිත කරන්න.

11.කාන්තාවන් නම් රූප ලාවාන්‍ය කටයුතු වලදී විෂේශයෙන් මුහුනට සහ හිසට භාවිතා කරන කෘතීම රසායන ද්‍රව්‍ය වලින් හැකිතාක් ප්‍රවේශම් වන්න.

12.යම් කිසි තෙල් වර්ග හිස ගැල්වීමේදි ස්නානයට පැය දෙකකට පමන පෙර හෝ ස්නානයෙන් පැය දෙකකට පමන පසු හොදින් හිසකෙස් වියලුනු පසු ආලේප කරන්න.

13.රාත්‍රී කාලයට හිසේ තෙල් හො වෙනත් සිසිල් ගුණැති ද්‍රව්‍ය ආලේප නොකරන්න.

14.රතුළූනු වැඩි වශයෙන් ආහාරයට එක්කර ගන්න.ගොටුකොල සම්බෝල ,කොල කැද ලෙස ආහාරයට එක්කර ගන්න.

15.කොත්තමල්ලි බැද කුඩුකර තම්බා නිතර නිතර පානය කරන්න.

16.දිනකට වරක් උනුජලයෙන් හො උනු ජලයට දෙහිකොල ස්වල්පයක් දමා වාශ්ප අල්ලන්න.

17.රාත්‍රී නිදි වැරීම අඩු කරන්න.කිරි ආහාර ගැනීම හැකිතාක් අඩුකරන්න.

18.ආනාපාන සති භාවනාව,ප්‍රාන යාම වැනි යෝග ස්වසන අභ්‍යාස වල යෙදෙන්න.

මේ ආකාරයට ඔබේ දින චර්‍යා ,අහාර පුරුදු වෙනස් කරගැනීමෙන් බොහෝ සෙම් රෝග වලින් මිදිමට හැකි වනු ඇත.

තෙරුවණ්සරනයි...!!