ශූලහර තෛලය



වේදනා නාශකයක් ලෙස බාවිතා කළ හැකි තෙලකි.

ශුලහර තෙල ආලේප කිරීමෙන් ශරීරයේ ඇති වන ඕනෑම ආකාරයක සන්ධිගත වේදනාවක්, ඉදිමුමක් පාලනය කර ඉක්මන් සහනය සලසා ගත හැකිය.

 හිරීවැටීම් නිසා ඇතිවන අසහනකාරී තත්වයන් වළක්වාලයි.

විශේෂයෙන් ආමවාත රෝගීන්ගේ සන්ධිගත වේදනාද, කැඩුම්බිඳුම් රෝගීන්ගේ අස්ථි ආශ්‍රිත වේදනාද කෙටි වේලාවක් තුළ සමනය කරයි.

වාතවේදනාවන් සහ වැටීම්, තැළීම්, උළුක්කු, අවසන්ධි වීම් නිසා ශරීරයේ ඇති වන වේදනාවන්ට වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය.

තැවිලි ප්‍රතිකාර, අභංග අවස්ථා, ධූම ප්‍රතිකාර ආදියේදී බහුලව යොදාගන්නා තෙලකි.

අබතෙල්, වේලාකොළ සහ වණ්ඩුකපුරු යොදාගනිමින් සිඳගන්නා ශූලහර තෛලය නිවසේ බෙහෙත් රාක්කයට අත්‍යාවශ්‍යම තෙල් වර්ගයකි.