අෂ්ට නාග ගුලිය

අෂ්ට නාග ගුලිය යනු කුමක්ද ? මෙයින් කුමක්ද ?කල හැක්කේ මෙහි ඇති වැදගත්කම කුමක්ද ?කුන දෙවල් සදහා බාවිතා වෙයිද ?
අපි කරුණු විමසමු ....

මෙය මාගේ ගුරු සීයාගේ අත් පොතෙහි සදහන් වෙන්නෙ 1954 වර්ෂය තුල ,,,දැනට සියාගේ වයස අවුරුදු 93 පමන වෙනවා ,එදා එතුමා සදහන් කරන්න යෙදුණු එම අෂ්ට නාග ගුලිය වෙදකම සම්බන්ධ හදාරන යමෙකුට ලබාදීම සදහා බලාපොරොත්තු වෙනවා ...

ඉසිවරු විසින් පවසා ඇත්තෙ මිනිසුන් වෙනුවෙන් යහපත වෙනුවෙන් වෙදකම සිදු කරන්න යන්න ද,මුදල මත ,වෙදකම කිරිම එතරම් සුදුසු කාරනාවක් නෙමෙයි මා දකිනා විදියට .....

හොදයි මුලින්ම මෙ "අෂ්ට නාග ගුලිය " සම්බන්ධ සදහන් කවි කිහිපය කිසිදු සැගවිමකින් තොරව ලබාදීම කරනවා ....

01 මයුර තුතු රසා ගන්දක සවිඳ ලුනූ
මිතුර ටන්කනා මෙම එකතුව කරනූ
එවර හිරු කොලා යුසයෙන් අඹරා වනූ
අසුර බඳුන කට දම වියලව තබ නූ

02නාගය අටකුලේ හැම සපු විසට මෙ වා
ලේපය නරදියෙන් නස්නාන්ජන කර වා
රාජය ගරුඩා දුටුමෙන් විස යන වා
කීමය සැක නොවනු කර අත්දුටු වා

03විසෙන් හැදෙනා හැම දද පණු කැවි ලේ
මෙයින් ලේපෙනා කරනුය එය දෙවෙ ලේ
නැසුන් වී මෙනා එය විස පණු කැද ලේ
සැදුන් ගෑවෙනා ගඩු ගැට යති⁣ මෙක ලේ

මෙහි සදහන් බෙහෙත් ඖෂධ !!!!
පල්මානික්කන් රසදිය ගෙන්ද ගන් සහිඳ ලුනු පුස්කර මේවා සමව ගෙන වරා කොළ යුෂින් අඹරා වේලවා භාජනයක තබා ගනු ,,,අට කුලේ නාග විෂට හා සියලු සර්ප විසට නර මුත්‍රයෙන් ආලේප කිරීමද නස්න කිරීමද අංජනන් දැමීමද කරනු ...ගරුඬ රාජයා දුටුවාක් මෙන් විෂ බැසයයි....සත්තයි අත්දුටුවෙමු ...