දියනුමුසු කරඳ කොළ යුස නැලි 04, පොල්කිරි එසේම නැලි 02, එඬරු තෙල් බොතුවයි මේ හැම ශලෙක වත්කර කකාරා මීටම වෙල්ලංගිරිය, සිවිය, කුරුඳු, ලුණුවරණ, මුරුංගා මෙකී මුල් තුං තුං කළඳ ගෙන ඊට යොදා කකාරා තෙල් පාට වැටෙන කාලයට දෙඳුරු, මෝදක, ත්රිවර්ග, කොත්තමල්ලි, කටුකරෝසන, අක්රපට්ටා, කොට්ටං, සෙවුවෙල්ලි, කර්කටක, ශ්රීහි, වැල්මී මේවා කළඳ බැගින් ගෙන කුඩුකර තෙලට දමා දෙකට බෙදා පංගුවකට විස නැසූ ජාපාල දොලොස් කළදක් දමා රංවන් පාටට බා තබා උදේ විරේක දෙනු, සවස පත්තියන් දෙනු. ලුණු ඇඹුල් වලකිනු.
පුරමේ විස්සද, පුරවිච්චන් දහයද, කරුමෙතු වාදන්, සූලක්ට්ටු, කටී වායු, අන්ඩවායු, තිමිර වායු, ශ්රෝනික වායු, සුරමේ වන ගෙඩි මෙකී රෝග සන්සිදුවයි..