හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...



බොහෝ කෂාය, ඝෘත, ලේහය, අරිෂ්ඨ, ආසව, චූූර්ණ ලේඛන වල සඳහන් රහස් නම් වලින්
එන ඖෂධ කීපයක් පහතින් දක්වා තිබෙනවා. එවැනි පෞරාණික බෙහෙත් වට්ටෝරු
නොදන්නා කමින් තවදුරටත් ඉවත දැමීමට නොව අනාගතය වෙනුවෙන් ඒවා අවබෝධයෙන්
යුතුව රැකගැනීම උදෙසා මෙම ලිපිය ඔබට උපකාරී වේ යැයි අපගේ විශ්වාසයයි.

🔶1. දෙදුරු 👉 සූදුරු, කළුදුරු

🔷2. දෙමොද 👉 මහා අසමෝද, හීන් අසමෝද හෝ කොරසානි

🔶3. දෙකසා 👉 වියළි කහ, වෙනිවැල් ගැට

🔷4. දෙසඳුන් 👉 සුදු හඳුන් හා රත් හඳුන්

🔶5. තිකුළු 👉 වියළි ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි

🔷6. තිපල් 👉 අරළු. බුළු, නෙල්ලි

🔶7. තිවර්ග 👉 කරාබු නැටි, සාදික්කා මද, වසාවාසි

🔷8. තිපල් සුවඳ 👉 සාදික්කා මද, එනසාල්, කරාබු නැටි

🔶9. ත්‍රිමධුර 👉 සීනි, මී පැණි, ගිතෙල්

🔷10. ත්‍රිජාත 👉 එනසාල්, කුරුඳු පොතු, කොලන් කොළ

🔶11. ත්‍රිලවණ 👉 ගල් ලුණු. සවිඳ ලුණු, ලේවා ලුණු

🔷12. ත්‍රිසම 👉 අරළු, වියළි ඉඟුරු, උක් හකුරු

🔶13. චතුර්ජාත 👉 එනසාල්, කුරුඳු පොතු, කොල්ලන් කොළ, නාමල් රේණු

🔷14. චතුර්විධ පර්ණි 👉 හල්වැන්න, පුස්වැන්න, මස්වැන්න, මුංවැන්න

🔶15. චතුරම්මල 👉 ගොරකා, සියඹලා, දෙහි, ඇඹුල් දොඩම්

🔷16. චතුරූෂණ 👉 වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, තිප්පිලි මුල්

🔶17. පංචාම්මල 👉 ගොරකා, සියඹලා, ඇඹුල් දොඩම්, නාරං, දෙහි

🔷18. පංච ලවණ 👉 ලේවා ලුණු, සුවස ලුණු, සවිඳ ලුණු, බළල් ලුණු, උද්භිත ලුණු

🔶19. පස් ඇට 👉 උදු, මුං, තල, තිරිගු, වී

🔷20. පස් තෙල් 👉 තල, මී, එඬරු, කොහොඹ, ගිතෙල්