වා අනුලෝම කර වාතයේ න්‍යාබල බිදින ඖෂධ



1. අරළු, කරපිංචා නැටි, සාරණ, දැත්ත මුල්, එඩරු මුල්, තිප්පිලි, තිරස්සවාලු, බෙලිමුල්, කිතුල් හකුරු කෂාය සහිඳලුණු එඩරුතෙල් බහා දෙන්නේය.

2. තිරස්සවාලු කලං 02, තිප්පිලි කලං 04, අරළු කලං 05, කිතුල්හකුරු කලං 11 චූර්ණ කර  කලං 1.5 සිට 03 දක්වා අරළු, සුදුළූනු, ගොකටු කෂායෙන් දෙන්නේය.

3. අරළු, බුළු, ඉඟුරු, ආඩතෝඩා, රසකිඳ කලං 02 මංචාඩි 08 බැගින් හා ඇහැල කරල් මද කලං 12 ක් දමා කෂාය සිද දෙන්නේය.

4. අරළු, සූකිරි, පිලමුල්, කරඳ මුල්, කරපිංචා නැටි, මුද්දිරප්පලම් කලං 02 බැගින් හා සෙනෙහෙපත් පලමක් දමා කෂාය කර දෙන්නෙය.