දුෂිත වු පිත අම්ල පිත්තය

ඇඹුල් සහිත ආහාර,දුෂිත විදාහී ආහාර අධිකව ගැනිමෙන් පිත කෝප වි අම්ල පිත්තය ඇති කරනවා.

පුර්ව ලක්ෂණ විදියට

ඔක්කාරය, බඩ පපුව දැවිල්ල,අරුචිය හදුන්වන්න පුලුවන්.

ප්‍රභේද වශයෙන්

ඌර්ධවගත අම්ල පිත්තය
අධෝගත අම්ල පිත්තය හැදින් වෙනවා..

ඌර්ධවගත අම්ල පිත්තයේ නීල පීත රක්ත වර්ණ වමනය, සෙම් සහිතව,බෙලිසුල් ගතියක් හා කුලු හා ලුණු රස වනවා.

අධෝගත අම්ල පිත්තයේ පිපාසය,බඩ පපුව දැවිල්ල,සිහි මද බව,ඔක්කාරය,හමේ රතු පැල්ලම්, ශරිරයේ පාන්ඩු බව ඇති වනවා. සමහර විට කඵ පිත්ත ජ්වර ලක්ෂණද පහල වනවා.අධෝගත අම්ල පිත්තයේ දි ඇතැම් විට අතීසාර තත්ත්වයන් ද පෙන්වනවා

දෝෂ භේදයට අනුව ලක්ෂණ
වාතජ අම්ල පිත්තයේ දි වේලීම ප්‍රලාපය,ශරිරයේ නොයෙක් ස්ථාන වල වේදනාව,ශුලය,අප්‍රාණික බව,කැරකැවිල්ල,ඇතිවනවා
සෙම් හා පිත් අවස්ථාවේදී
ඇස් ඇදිරිය,හතිය,අලස බව,මුඛ නාසාදියෙන් දියර ගැලිම,වමනය ඇති වනවා
කඵජ අවස්ථාවේදී
සෙම් කාරාදැමිම, උගුරේ නිතර සෙම් බැදුන බව,ශරිර බර බව,අරුචිය,අප්‍රාණික බව ඇති වනවා

බඩගින්න ඇති විට ආහාර නොගැනිම නිසා පිත්තාශයෙන් එන පිතා ආමාශයේ දි සංචය විමේදි ආමාශගත ශ්ලේෂ්ම කලාවේ යම් විටක ඉරි තැලිමක් වනවා. පිත්තාශයෙන් එන පිත ගලාඑමේදි එයට සරිලන ආහාරයක් නොලැබුන විට එම ශාවය වු පිත ආපසු යන්නේ නැහැ. ආමාශයේ සංචිත වු පිත නිස සමාන වාතයෙන් දුෂිත වු නිසා යම් විදියක උෂ්ණයක් ඇති වනවා.අපි එයට ව්‍යවහාරයේ ගැස් යනුවෙන් හදුන්වනවා.මෙය මුඛයෙන් පිට විම රාම තෙල් පිටවිම ලෙස හදුන්වනවා.අධෝගත වුවොත් අන්ත්‍ර තුල ඇති වු අම්ලයක් සමග මිශ්‍ර වි අධික දාහයෙන් බඩ යාම සිද්ධ වනවා.ආමාශගත ශ්ලෙෂ්මධාරා කලාවේ ප්‍රදාහය එම ප්‍රදාහයෙන් පසු ප්‍රදාහ වු ස්ථානය තුවාල වනවා.ඒවා ආමාශයික කෂත ලෙස හදුන්වන්න පුලුවන්. එම කෂත අනුභව කල ආහාර කැබලි ගැටිමෙන් වේදනාවක් ඇති වනවා.ආමාශයේ ආහාර පවතින්නේ පැය 2යි.ඉන්පසු වේදනාද නැති වනවා.පැය 2කට පසුත් වේදනාව පවති නම් එය ග්‍රහණි කපාටයේ ඇති විකෘතියක් ලෙස සලකන්න පුලුවන්...

ශාතාවරි ඉරමුසු සැවැන්දරා,ලුණුවිල, රසකිද,බැබිල,වගේ ඖෂධ කසාය කර දිම, බෙලිකොල, උදුපියලිය,පොල් කොටා,වතුර එක් කර මිරිකා ඉස්ම ගෙන රතු කැකුලු හීනැටි හාල් වලින් කැද පිස දෙන්න පුලුවන්,වැටකොලු,පතෝල,සාරණ,නිවිති, මුකුණුවැන්න,හොදයි.පිටි කෑම ඉස්සෝ, දැල්ලෝ,තෙල් කෑම අගුණයි.