ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල

ආතරයිටිස් තිබෙන රෝගින්ට මේ තෙල හදා ගන්න.වසර දහයක් පැරණි කොඳු ඇට කෙවීම් දනහිස් කැක්කුම් වාත අමාරු එක් වරක් ගෑ ගමන් පැය 48ක් තුළ අනිවාර්යයෙන් සුව වෙනවා .සුව වෙනවා කියපු ගමන් එක් වරකින් ඔබේ රෝගය එක දිනකින් සුව වෙන්නේ නැහැ . දින දෙකක් තුළ ඔබේ වේදනාව නැති වෙනවා .ඉන් පසුව ගෙවී ගිය කාටිලෙජ වර්ධනය වීම ඇරඹෙනවා මේ ඖෂධය තුන් මසක් නොකඩවා ගාන්න . ඔබ අනිවාර්යයෙන් නිදුක් නිරෝගී වෙනවා . රක්ත වාත ,අන්ඩ වායුව හිරිවායුව කටී වායුව , ට මේ ඖෂධය දිනකට තේ හැන්දක් පානය කරන්න .අර්ශස් රෝගය ට මේ ඖෂධය පුලුන් කැබැල්ලක පොඟවා රාත්‍රියේ දින හතක් නොකඩවා ගුද මාර්ගයට ඇතුල් කරන්න . දිනකට තේ හැන්දක් පානය කරන්න . දින දහයකින් පමණ සුව වෙනවා . ජාපාල නිවැරදිව විස නසා මේ ඖෂධය ට එක් කරන්න ඒ වගේම සන්දිසුදා වලට වඩා 50 ගුනයක් ප්‍රභලයි . ඔබ සියලු දෙනාම නිදුක් නීරෝගී වෙත්වා තෙරුවන් සරණයි සන්ධි සුදා වැනි අධික මිල සහිත විදේශීය දේ පසුපස නොදුවන්න ඔබට කල් ගත වූ කොන්දෙ අමාරුවක් දනිස් අමාරුවක් හෝ කුමක් හෝ සුව නොවන වේදනාවක් කැක්කුමක් තිබෙනවා නම් රාත්‍රි 9න් පසුව මැසෙන්ජර් හරහා මා සම්බන්ධ කර ගැනීමට පුලුවන් එවිට නිල මගින් සුව නොවන රෝග වලට ප්‍රතිකාර ඔබ ලවාම කල හැකියි .මන්ද යමෙකුගේ රෝගයක් මේ ඖෂධයෙන් ඉක්මනින් සුව නොවනවානම් ඔබේ සන්ධි විකුර්ති වීමක් හෝ ස්නායු තෙරපීමක් සිදුව තිබෙන්න පුලුවන් . ඒවා මිනිත්තු කිහිපයක් තුළ නිල තෙරපීමෙන් සුව කල හැකි රෝගය .

කරඳ කොල ඉස්ම ,පොල් කිරි ,එඬරු තෙල් බෝතලය බැගින් ගන්න , එයට දෙදුරු ( සූදුරු ,මහදුරු) අසමෝදගන් තිප්පිලි , මුලත්ති වර්ග,පෙරුන්කායන්,පල්මානික්කන්, සහිඳලුනු, වදකහ , සුවඳ කොට්ටන්,දේවදාර,සීනක්කාරන් ,සතකුප්ප,සැවැන්දන,වැල්මී,සේර ,අරත්‍ත අල , කොත්තමල්ලි ,ඉඟුරු,මිරිස් ,සුදුලූනු ,තිපල්,ගලිස් , මේ සරක්කු සමබාග ගෙන(සියලු ඖෂධ ග්‍රෑම් 20 බැගින් අරගන්න ) අබරා මී පැනි පදමට හිඳගන්න එය සිඳුණු පසුව ජාපාල පොල්කිරි වලින් විස නසා එයට දමා විනාඩි 3ක් පමණ තබා බා ගන්න. ජාපාල පලමුව පොල් කිරෙන් තම්බා පොත්ත ඉවත් කොට පියලි එකින් එක වෙන්කොට මැද අංකුරය ඉවත් කොට නැවත පොට්ටනියක ගැටගසා නැවුම් මුට්ටියකට පොල්කිරි දමා ජාපාල පැය තුනක් පමණ වේලා . මද ගින්නෙ තම්බා ගෙන හොඳින් වේලා ගන්න