ප්‍රත්‍යක්ෂ විරේක කසාය

සියඹලා කොළ කලං හතයි
අරළු කලං හයයි
කහට පුවක් කලං හතරයි ( පෙති පුවක් )
කොටා සැලියකලා වතුර එකක් වක්කර කට්ටයක් ගසා ආයෙ වතුර තුනක් වක්කර කට්ටයක් ගසා ආයෙ වතුර හතරක් වක්කර දෙවැනි කට්ටයට සිදුනායින් පසුව කසාය මිරිකා පෙරා එම සැලිය සෝදා එම සැලියට වක්කර නැවත

කිතුල් හකුරු කලං හයයි
සහිද ලුණු කලං දෙකයි
එම කසායට දමා එකට සිදුවා උදේට ත්‍රස්තවාලු කුඩු කලං එකක් ද සවසට මී පැණි දමා වේල් හතරක් බොනු.

මුර උණට කටී වායුවට ප්‍රත්‍යක්ෂ විරේකයකි.