දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා



එළ බින්තඹුරු මුල්        රාත්තල්      1
කබරෝස්ස මුල්            රාත්තල්      1
බෝදි ඇට (චූර්නය)      රාත්තල්      1
හාතාවාරිය අල             රාත්තල්      1
චීනල (අල බේත්)          රාත්තල්      4

බෝදි ඇට හැර අනෙක් ඖෂධ කපා තලා ගත යුතුයි බෝදි ඇට කුඩු කර කිරා ගන්න මේවා සියල්ල බදුනකට දමා එයට වතුර රාත්තල් 64ක් දමා ලිප තබා රාත්තල් 16 සිදුවා පෙරාගත් කසාය ලිප තබා රාත්තල් 2 සිදුවා නිවා බෝතලයකට දමා එය දින 10ක් තබා නැවත පෙරා ගතයුතුයි

වැඩි මහලු අයට වරකට බිංදු 5- 10 දක්වා වතුර සමග දෙනු

මෙයම කොටසක් වෙන්කරගෙන සර්ජිකල් ස්ප්‍රිට් රාත්තල් 2ක් මිශ්‍ර කර දිනකට දෙවරක් බැගින් සොලවමින් දින 10ක් තබා පෙරා ගෙන උදේ සවස ආලෙප කරන්න