ඌදුගොවුවා කනවට බෙහෙත්

01. එළබටුකොළ යුෂ, මීපැණියෙන් ආලේප කරන්න. ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් අනා ගෑම ද යෝග්‍යයි. එළබටු ඇට දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

02. ජාපාල කොළ උඳුගොව්වා කෑ තැන අතුල්ලා බාඳුරා දළු අඹරා තලතෙලින් අනා ගාන්න.

03. ඔළිඳ ඇට හා එම මුල් එකට අඹරා උඳුගොව්වා කෑ තැන ගාන්න. ඔළිද ඇට මද මී පැණියෙන් අඹරාගෑම ද සුදුසුයි.

04. නුග දළු කේසර බැබිල දළු සමව ගෙන අබතෙල් සමඟ අනා පොඩිකර රසකිඳ වැලේ ඉස්ම හා විනාකිරි සමඟ එක්කොට අනා අව්වේ කකාරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය සුදුසුයි.

05. කඳුලැස්ස දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

06. දේවධාර අමු රසකිඳ ඉස්මෙන් අඹරා ගාන්න.

07. නියඟලා අල අරලිය කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

08. වියළි ඉඟුරු තල තෙලෙන් අඹරා නැවත අත්තන කොළ යුෂ වලින් අඹරා ගාන්න.

09. නියඟලා අල බදුල්ල ඇට, කළුතල සමව ගෙන කරවිල කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

10. දුම්මැල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා යුෂ ගෙන දින කිහිපයක් උඳුගොව්වා කෑ තැන ආලේපය සුදුසුයි.

11. වතු කහඹිලියා අමු කහ එකට කොටා මිරිකාගත් ඉස්ම දින කිහිපයක් එක දිගටම එම ස්ථානයේ ගාන්න.

12. දේවධාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගලගා කතා නොකර දින 14ක් උඳුගොව්වා කෑ ස්ථානයේ මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් හෝ කොටකිඹුලා කොළයක් ගත හැකිය.

13. අමු රසකිඳවැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උඳුගොව්වා කෑ තැන පිරිමදින්න. මෙය සුවවනතෙක් දින කිහිපයක් කිරීම වටී.

14. අමු පොල්කොළ පිළිස්සුණු අළු තල තොලෙන් අඹරා එහි ගාන්න.

15. ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගියා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කිරීම.

16. හබරල පිත්තට හුණු ආලේප කර උඳුගොව්වා කෑ ස්ථානයේ ගාන්න.

17. සිවිය දළු ඉඟුරු දළු තලතෙලෙන් කකාරා ගාන්න.

18. ගැට තුඹ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍ර කර උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය යෝග්‍යයි.

දින කිහිපයක් බෙහෙත් කර හිස කෙස් ඒමට ගත් පසු කුරුම්බා ලොඳ රතුලූනු සමඟ අඹරා ගාන්න.

දැලි පෙත්තක් දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

දෙහි ගෙඩියක් තුළට පල්මාණික්කන් දමා දින 7ක් තැම්බෙන්න හැර පසුව එය අඹරා ගාන්න.