ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්



ඔබේ ඇස් පෙනීම වැඩි කර ගන්නත්, ඇස් වටා ප්‍රදේශයට ඉතා හොඳ සත්කාරයක් ලබා දෙන්නටත් හැකි පුදුමාකාර සංයෝගයක් තියෙනවා. පුදුමය කියන්නේ මේක හදන්න අවශ්‍ය වෙන්නේ අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් දේවල් කිහිපයක් විතරයි. හදා ගන්නත් විශාල දැනුමක් ඕන වෙන්නේ නෑ, මේකේ කියලා තියෙන දේවල් ටික කරන්න විතරයි තියෙන්නේ.

මේ සංයෝගය සමහර වෙලාවට අවිදුර දෘෂ්ටිකත්වය (දුර නොපෙනීම) කියන අක්ෂි රෝගය හොඳ කරන්නත් සමත් කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ වැඩි දෙනෙක්ට තරුණ කාලේදී තියන ප්‍රශ්නයක් තමයි මේක, මොකද දිගටම පොත් පාඩම් කරලා, ෆෝන් තිර, මොනිටර් දිහා බලා ගෙන ඉඳලා ඇස් වලට දුර දකින්න හරිම අමාරු වෙලානේ තියෙන්නේ.

ඒ වගේම මේක ස්වභාවික දේවල් පාවිච්චි කරලා හදන නිසා කවදාවත් අතුරු ආබාධ ඇති වෙන්න ඉඩක් නැහැ. අනික යොදා ගන්න හැම දෙයක්ම ඉතා අඩු මිලට ලබා ගන්න පුළුවන් නිසා දොස්තරලා චැනල් කරලා, ෆාමසි ගානේ රස්තියාදු වෙලා සල්ලි නාස්ති කරන්න අවශ්‍යත් නෑ. ඇස පෙනීම වර්ධනය කරනවාට අමතරව මෙමගින් ඇස වටා ප්‍රදේශයට ලබා දෙන සත්කාරය නිසා එහි ඇති තද පැහැය ඉවත් වෙලා, එල්ලා වැටීම නැති වෙලා මුහුණට බොහොම තරුණ පාටක් ලබා ගන්න පුළුවන්. තවත් කිව්වොත් අපේ ඇඟ නීරෝගී කරන පෝෂක වර්ග බොහෝමයකුත් මෙයින් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබේ කොණ්ඩයට මෙයින් හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන්. මේක කරන්න ගත්තාම කොණ්ඩය කැඩී යන එක සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා ඔබටම වැටහේවි.

ඉතින් මේක ඇත්තටම හදලා බලන්න වටිනවා නේද? මේකට අවශ්‍ය දේවල් ප්‍රමාණය බොහොම සුළු වුණත්, හදා ගන්න යන වෙලාව පොඩ්ඩක් වුනත් ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය ප්‍රයෝජන නම් ඇති මහත්. මේක හදා ගන්න පහලින් තියෙන උපදෙස් ටික අනුගමනය කරන්නයි තියෙන්නේ. ඕන කරන දේවල් ටික මෙන්න.

සුදු ළූණු බික් 3ක්.

පිරිසිදු මී පැණි මේස හැඳි 10ක්. ආයුර්වේද වෙළඳසැලකින් ගන්න.

හණ ඇට ග්‍රෑම් 200ක්. මේකත් එතැනින්ම ගන්න පුළුවන්.

ලෙමන් ගෙඩි 4ක්.

මුලින්ම සුදු ළූණු ටික පොතු ඇරලා අරගෙන වංගෙඩියකට දාලා හොඳට කොටා ගන්න. ලෙමන් ගෙඩි වල පිට පොත්ත ඉවත් කරලා සිහින් පෙති වලට කපන්න. මේක පුළුවන් තරම් හීනි වෙන තරමට හොඳයි. මේ ලෙමන් පෙති ටික වීදුරු ජෝග්ගුවකට දාල ඊට උඩින් හොඳින් කොටා ගත්තු සුදු ළූණු ටික දාන්න. දැන් හණ ඇට ටිකයි, මී පැණියි මේකට දාලා ලී හැන්දකින් හොඳට මිශ්‍ර කරන්න. (පොල් කටු හැන්දක මිට වුනත් පාවිච්චි කරන්න පුළුවන්) ඊට පස්සේ මේකේ මූඩිය තදට වහලා සිසිල් තැනක තියන්න. මතක තියා ගන්න මේක නරක් නොවෙන නිසා ශීතකරණයේ තියන්න අවශ්‍ය නෑ. දැන් හැමදාම කෑමට කලින් මේකෙන් මේස හැන්දක් අරගෙන කන්න. මේක දවසේ කන ප්‍රධාන ආහාර වේල් තුනටම විනාඩි කිහිපයකට කලින් කන්න අවශ්‍යයි. මේක ඇතුලතින් පෝෂණය ලබා දෙන ක්‍රමයක් නිසා ඇස වටා ආලේප කරන්නේ නැහැ හොඳේ?

කලිනුත් කිව්වා වගේ මෙහි අඩංගු ස්වභාවික සංයෝග වලින් ඔබට විශාල පෝෂණ ගුණයක් ලබා දෙනවා. වැඩි කාලයක් නොයාම ඔබට ප්‍රතිඵල අත් විඳින්න පුළුවන්. බොහෝ වෙලාවට ඔබ හදා ගත්තු පළමු මිශ්‍රණ ජෝග්ගුව අවසන් වෙන්නත් කලින්ම ඔබේ ඇස් පෙනීම දියුණු වෙලා, ඇස් වටා කළු ලප ඉවත් වෙලා, ඔබේ කොණ්ඩය වෙනදාට වඩා පිරිපුන් වෙලා තියෙන බව දකින්නට පුළුවන් වේවි. ඔබ අවුරුදු 35ට වැඩි කෙනෙක් නම් තරුණ පෙනුමකුත් නිකන්ම ලැබේවි. ඒ නිසා නවත්වන්නේ නැතිව දිගටම මේක පාවිච්චියට ගන්න.
ඇස් පෙනීම වර්ධනයට ලේසි ප්‍රතිකර්මයක්

අපේ ශරීරයේ තියෙන මාංශ පේශි භාවිතයට නොගන්නා විට දුර්වල වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් කකුලේ බිඳුණු අස්ථියක් සුවවීමට කාලයක් ගත වනවා.... ඒ නිසා රෝද පුටුවකට වී සිටීමට අපට සිදුවෙනවා... මෙන්න මේ නිසාම කකුලේ මාංශ පේශි දුර්වල වෙලා යනවා. මෙන්න මේ දෙයම තමයි ඇස් අවට මාංශ පේශිවලටත් සිදුවන්නේ. ඒවා භාවිතයකට නොගත් විට නිසි ව්‍යායාම නැතිවූ විට දුර්වල වෙනවා.

ඔබගේ ඇස්වල පෙනීම වර්ධනය කරගැනීමට පහත ක්‍රියාකාරකම් ආධාරයක් වෙනවා ඇති. පොත්පත් වැඩ, පරිගණක ආශ්‍රිත වැඩවල දිගටම යෙදෙනවා නම්,

1. ඇස්වල අධික පීඩනයෙන් මිදීමට පැය දෙකකට හෝ තුනකට සැරයක් විනාඩි කිහිපයක් ඇස් පියාගන්න.

2. ඇස් දෙපසට, ඉහළට, පහළට සහ වක්‍රාකාරව චලනය කරන්න.

3. ඇස් කණ්ණාඩි ඉවත් කරන්න.

4. ඔබගේ ඇඟිලි ඇස් බෝල මත මෘදුව තබා චලනය කරන්න.

5. ඔබ නිවසින් බැහැරව ඇවිදින විට සැමවිටම දුර බලන්න.

6. කැරට් වැනි කහ පැහැති එළවළු පළතුරු දිනපතා ආහාරයට ගන්න.

7. ඇස් සේදීමට ඇල් ජලය භාවිත කරන්න.

8. නිදා ගැනීමට පෙර පැය දෙකකට වඩා පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටීමෙන් වළකින්න.

9. දිගටම ඇස් වෙහෙසවන අය වෛද්‍ය උපදෙස් මත මෝර පෙති ගැනීමත් සුදුසුයි.