නිර්ගුණ්ඩ්යාදී තෛලය


නිකකොළ, ඉඟුරු, කලුදුරු, සූදුරු දේවදාර මූලිකව තවත් ඖෂධ ගණනාවක යුෂ යොදාගෙන තල තෙලෙන් සිඳ ගන්නා ඖෂධීය තෙලකි.

හිසේ ඇති වන තීව්‍ර වේදනාවන් ඉක්මන් සුවය අරමුණු කර යොදාගත හැකි තෙලකි.

නිර්ගුණ්ඩ්‍යාදී තෛලය රූක්ෂ තෙලක් ලෙස සැලකෙන අතර, හිස අභ්‍යන්තර කෝඨාරක තුළ තැන්පත්ව ඇති සෙම් කොටස් ඉවත් කිරීමේ හැකියාව ඊට ඇත.

ඒ අනුව නස්‍ය කර්මයට සහ හිස සම්බාහනයට වෛද්‍ය අපදෙස් මත යොදාගනී.

ඉදිමුම් නැසීමටත්, තැවිලි ප්‍රතිකාර, අභංග අවස්ථා, ධූම ප්‍රතිකාර ආදියේදීත් බහුලව යොදාගන්නා තෙලකි.