සරස්වති ගෘතය


ලුණුවිල යුෂ       නැළි 8
අමුකහා            පලම් 1
කොට්ටං            පලම් 1
ගිතෙල්                නැළි 2
හීරැස්සවාලු      පලම් 1
අරළු                   පලම් 1
වළඟසාල්          කලං  3
සීනි                     කලං  5
තිප්පිලි               කලං  3
සවිඳ ලුනු           කලං  3
වදකහා              කලං  3

මේ සියල්ල අතුරින් ලුණුවිල සෝදා පිරිසිදුව ගෙන කොටා ඉස්ම මිරිකා ගිතෙල් සමග බඳුනක බහා පිසිනු. පදමට පැසුන විට කහා ආදී ඔසු අඹරා කල්ක ලා ඝෘත පදම දැන බා නිවා ප්‍රයෝජනයට ගතයුතුයි.

මාත්‍රාව : වරකට අරළු ගෙඩියක ප්‍රමාණයක්

ගුණාගුණ :

වාග් විශූඬිය ඇතිවේ.සත් දිනක් නොකඩවා වැළදීමෙන් කිඳුරන්ගේ හඬට බඳු ඉමිහිරි කටහඬ උපදී. අඩමසක් වැළදීමෙන් පැහැපත් සිරුරු ඇතිවේ.මාසයක් වැළදීමෙන් ඇසූ පමණින් පාඩම් කර ගැනීමේ ධාරණ ශක්තිය ඇතිවේ. අෂ්ටාදශ කුෂ්ටරෝග නසයි.
විවිධ අර්ෂස් රෝග සුවවේ.පංච ගුල්ම ප්‍රමේහ පංචවිධ කාස සුවවේ. වඳ ගැහැණුනට දරුවන් ඇතිවේ.ශුක්‍ර හීන පිරිමින්ගේ ශුක්‍ර වැඩේ.බලවර්ණ අග්නි වැඩෙයි .යනුවෙන් මෙහි ගුණ කියන ලදි.

කට හඬ වැඩෙන ධාරණ ශක්තිය සමෘතිය දියුණුවන ලේ පිරිසිදු කරන වාජීකරණ බලයෙන් ආඩ්‍ය වන රසායන ගුණ යුක්ත ශ්‍රෙෂ්ඨ ඖෂධයකි.