අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු

අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු

කෙනෙක් මෙය දුටු විගස කියන්න පුලුවන් අමනුෂ්‍යයන් කියල කෙනෙක් නැහැ ඒක මේ අපි හිතින් මවාගත් දෙයක් කියල. නමුත් අප තිලෝගුරු බුදුරජාණන්වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනාකර තියෙනව අමනුෂ්‍ය කියල කොටසක් ඉන්නව ඒ අයගෙන් ජනයාට නොයෙකුත් උපද්‍රව එනව කියල. මම මේ ලිපිය පල කරන්නේ කලක් සුවනොවූ, රෝගයන් හඳුනා නොගත් දුක් විඳින රෝගීන්ගේ හිත සුව පිණිස පමණි.

මුලින් අප බලමු මේ අමනුෂ්‍යයො කියන්නෙ කවුද කියල.

අමනුෂ්‍යයන් කියන්නෙ ජීවත් වෙලා සිටින කල රාග, ද්වේශ, මෝහ බැම්මෙන් බැඳිල ඒවගෙන් ගැලවීමට නොහැකිව අකුසලේ යෙදිල කුසල් මදිකමින් අමනුෂ්‍ය යෝනියේ ඉපදිල තවත් කෙනෙක්ගේ සරණක් පතන කොට්ඨාශයක්. එක් කොටසක් අකුසලය නිසා වුන විපත්තිය දැනගෙන පිං සොයාගෙන කෙනෙක් ළඟට එනව. තවත් කොටසක් තමන් ජීවත් වී සිටින කල සම්පූර්ණ  කරගැනීමට නොහැකි වූ අරමුණු අසාවන් ඉෂ්ඨ කරගන්න කෙනෙක් ළඟට එනව. මෙවැනි අරමුණු අසාවන් ඉෂ්ඨ නොවන තැන මොවුන් කරන්නේ ලෙඩකිරීම, අගහිඟ කිරීම, කරදර කිරීමයි. අපි හිතමු කෙනෙක් ජීවත් වෙලා ඉන්න සමයෙහි අධිකව රාගයෙන් මත් පැන් වලට හුරු වෙලා හිටිය කෙනෙක් කියල. එවැනි කෙනෙක් කරන්නෙ මත්පැන් බොන කෙනෙක් ලගට කිට්ටු වෙනව ( සසර ගණුදෙනු නැතිනම් මෙලෙස ලංවිය නොහැක ) ඊට පස්සෙ මෙම පුද්ගලයා අධිකව මත්පැනට ඇබ්බැහි වෙනවා. කොපමණ නැවැත්වීමට උත්සහ කලත් පලක් නෑ. නොබීවොත් ලෙඩ කරනවා, ප්‍රශ්ණ ඇතිකරනවා. වෙන කෙනෙක් මත්පැන් නැවැත්වීමට උත්සහ කරනවා නම් ඔහු හා සමග අමනාප කරනව ප්‍රශ්ණ ඇතිකරනවා. කාම අසාවෙන් මියැදුන කෙනෙක් නම් ඔහුත් ඒ ආකාරයි. තව පිරිසක් ඉන්නව ජීවත් වී සිටින කල තව පුද්ගලයන් අමනාප කරල සතුටු වුන අය. මේ අයගෙ මේ ගතිය මෙම යෝනියටත් එනව. මේ අය පවුල් වලට ලං උනාම පවුල් අසමගිය ඇතිවෙනව. මේ අය මේව දැකල සතුටු වෙනව. මේ ආකාරයේ විවිධ අය සිටිනව සියල්ලන් ගැනම පල කිරීම අපහසුයි. කර්ම දෝෂයටත් සම්බන්ධ වෙන්නෙ මේ අමනුෂ්‍යයෝ. සසර ගණුදෙනු නිසා මෙයාලට හිමිකමක් ලැබෙනව කරදර බාධා කරන්න. 

අපි දැන් බලමු සාමාන්‍ය වශයෙන් මාගේ අත්දැකීමෙන් පවතින රෝග ලක්ෂණ කිහිපයක්:-

1. රාත්‍රී නින්ද නොයාම, නරක සිහින පෙනීම,     තිගැස්සී ඇහැරීම, හිරිවැටීම, ඇග තදවීම, හිතේ නොසන්සුන් බව.
2. නිතර පවතින සුව නොවන හිසරදය.
3. පවුලේ මියැදුන කෙනෙක්ට පැවති රෝග ලක්ෂණ. නැතිනම් සියල්ලටම එකම රෝග ලක්ෂණ. 
4. වෛද්‍යවරුනට හඳුනා ගැනීමට අසීරු රෝග.
5. බඩ පුරවාදැමීම, පපුව දැවිල්ල, ක්ලාන්තය. ( අම්ල පිත්ත ප්‍රතිකාර වලින් සුව නොවන )
6.  සුව නොවන තුවාල, දද, කුෂ්ඨ .
7. අධිකව යම් දේවල් වලට ඇලුම් කිරීම ( මත් පැන් හා කාමයට )
8. මතකය අඩු බව, ශරීරය වැහැරීම, වයසට වඩා ශක්තිය, පෙනුම හීන වීම.
9. මද සරු භාවය, මාසික චක්ක්‍රයේ වෙනස් වීම්, ඇඟ උණුකරවා යාම.
10. රුධිර පීඩනය, සීනි අසාමාන්‍ය ලෙස ඉහල යාම ආදී වශයෙන් ගත හැක. නමුත් මේ සියලු දේ දෝෂයක් නිසාම විය නොහැක. සාමාන්‍ය සාධක වීමටත් පුළුවන්. අසාමාන්‍ය නම් මේ පිලිබඳ අවධානය යොමුකරන්න.

කෙනෙක් මෙම අකාරයට පීඩා විඳිනව නම් කල යුත්තේ සසර ගණුදෙනුව පියවීමයි. වෙන පිලිසරණක් නොමැත. යන්ත්‍ර මන්ත්‍ර වලින් සිදුවන්නේ තාවකාලික යටපත් කිරීමකි. සමහර විට එයින් ගනුදෙනුව වැඩි විමටත් ඉඩ ඇත. කර්මය, දෝෂය හඳුන ගෙන ඒවාට අවශ්‍ය පුණ්‍යකර්ම වල යෙදී ගණුදෙනුවට සම්බන්ධ අයට හා ඉෂ්ඨ දේවතාවුන්ට පිං අනුමෝදන් කරන්න. එවිට සුලු ඖෂධයකින් වුවද ඖෂධ නොමැතිවද සුවය ලැබේවි. 

නිතර භාවිතයට කමා කිරීමේ ක්‍රමයක්

අනන්ත සසර පටන් මේ මොහොත දක්වා..මාගේ සිත කය වචනය යන තුන්දොරින්..බුද්ධ...ධම්ම...සංඝ රත්නයටද....බෝධි සත්වයානන් වහන්සේලාටද...ආර්‍ය උත්තමයානන් වහන්සේලාටද..සම්මුතික මහා සංඝ රත්නයටද...සියලු දෙවියන්ටද...සියළු ලෝක සියළු සත්වයන්ටද...මා අතින් සිදුවූ... අවැඩ...අසාධාරණ...හිංගි...හිංසා..උදෙසා කමා කරමී...කමා කරමී... උතුම් තිසරණය ඉදිරියේ මට කමාව ලැබේවා...මට කමාව ලැබේවා....මට කමාව ලැබේවා...

(මෙසේ කලයුත්තේ තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අනන්ත සසරෙහි කී දෙනෙකුට වැරදි කරල ඇත්ද ඒවගෙන් කොපමණ සසර ගනුදෙණු හදාගෙන ඇත්ද වචනයකින් වුවත් කොපමණ ගනුදෙණු හැදෙනවද. මෙන්න මේ වගේ වැරදි වලට සුළු වශයෙන් හො සමාව ගැනීමට තමයි මේ ආකරයට කියන්නෙ හරියට තුරුණුවන් කමා කරනව වගේ. මේ දේ කියන්න ඕනි උතුම් බුදුපියාණන් වහන්සේලා, උතුම් පසේබුදුපියාණන් වහන්සේලා, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සහ තුන්කල් සිටිනා සියලු රහත් උත්තමයන් වහන්සේලා ඉදිරියේ වැඩසිටින ආකාරයට හිතින් මවාගෙන දෑස් පියාගෙන ) පිං අනුමෝදන් කිරීමෙන් අනතුරුව පුලුවන් තරම් වාර ප්‍රමාණයක් සිදු කරන්න. කියන තරමට ප්‍රථිපල ලැබේ.

රාග සහගතවූත්, ද්වේශ සහගතවූත් , මෝහ සහගතවූත් සියළු මාර බන්ධනයන්ගෙන් මිදෙත්වා!!! තෙරුවන් සරණයි!!!