කිහිපදෙනෙකුගේ ඉල්ලීමක් වූයේ හිසකෙස් කලු කරගන්න සුදුසු තෙලක් සදහන් කරන ලෙසයි. මේ ආයුර්වේද තෛලය මෙයට උපකාරීවනු ඇතයි සිතමි. තවත් රෝග රැසකට ගුණ දෙන මෙම තෛලය මෙසේ සදහන් වේ.
කීකිරිදිය නෙල්ලි මෙයින් යුෂ නැලියක් තලතෙල් නැලියක් හෙව වැල්මී පලමක් හෙව කල්ක අඹරා එක්කර කිරි සතර නැලියක් සමග පදමට කකාරා බා පෙරා තබා හිස සෝදනු ඉතා සුදු වූ හිසකෙස් කලු වේ. අන්ධයන්ට අන්ධ නැති කෙරේ එසේම බිහිරි අබිහිරි කෙරේ චලදන්තයටද ශරීරපුෂ්ඨි ගාත්රා ඉන්ද්රිය වර්ධන වීම සතියෙන් වඩිනේයි.
කීකිරිදිය යුෂ නැලි භාගයයි 480 ml
බෙහෙත් නෙල්ලි යුෂ නැලි භාගයයි 480 ml
තල තෙල් නැලියක් 960 ml
වැල්මී කලං 12 ක් 60 g
එළකිරි නැලි 4 ක් 960 ml x 4
මුලින්ම කීකිරිදිය හා නෙල්ලි යුෂ මැටි භාජනයක දමා හොදින් රත් කරගන්න. ඉන්පසු එයට තලතෙල් එක්කර හොදින් කකාරවා වතුර ඉවත් වූ පසු තෙල් කර නොකරගෙන ඊට වැල්මී කුඩු හා එළකිරි දමා වැල්මී කුඩු මී ඉටි පදම එනවිට බාගන්න.