සොම ගෘතය (ගර්භ රෝගවලට )



අබ      ලුණුවිල     තිරැස්සවාලු   වදකහා   සංඛ පුෂ්පි      කටුකරෝසන    සාරණ     ක්ෂිර කාලෝලි      තිපල්          කොට්ටං       වැල්මී          කහා 
දියමිත්ත       වෘද්ධදාරක     ශුධ රත් හිරියල්
සුවස ලුණු     වැල් මදට           මහා ඉරමුසු 
හීන් ඉරමුසු   අඩාතෝඩා මුල්  තිපල් (සුවද )

මේ සියල්ල චූර්ණ කොට පලම් 8ක් ගිතෙල් නැළි 2 ක බහා ජල නැලි 8ක්ද යොදා ගෘත විදියෙන් පිස ප්‍රයෝජනයට ගතයුතුය.

මාත්‍රාව : මේස හැඳි 1බැගින් වරකට පානය කරනු .

*** ඊට පෙර මෙම ගෘතය පහත මන්ත්‍රයෙන් 7 වර ජප කිරීමට නියමිතයි .

එනම්:

ඕං නමෝ මහා විනායකාය අමෘතං රක්ෂ රක්ෂ මම ඵල සිද්ධි දෙහි දෙහි රැද්‍රවවනෙන ස්වාහ:

ගුණාගුණ : ගැබ් කාලයේ පටන් සමස වනතුරු මෙය වැළදීමෙන් කාන්තාවන්ගේ ගර්භ දෝෂ දුරුව සනීපය උපදවයි. ගර්භය නිරෝගිව වැඩේ. වඳ කාන්තාවනට දරුඵල ඇතිවේ.ජඩබව,ගොලු බව,ගොත බව, මෙය වැළදීමෙන් දුරුවේ .