කුඩා දරුවන්ගේ මාන්දමට තෙල

දිය හඹරල කොළ..........................ද
පෝටා හාතාවාරිය........................ද
වරණා කොළ පොතු......................ද
එලබින්තඹුරු අහුර අහුර.............ද

නවසි පොල් දෙකක.......................ද
කුඩු සහ කොටා සොදලෙ.............ද
මිරිකා පැන් නැලිය.........................ද
කල්ක මිරිසුත් ඉගුරු දෙදුරු.........ද

තිපල් අසමෝද...............................ද
තිප්පිලි ත්‍රිවර්ග සමගද.................ද
පදම දැන තෙල් සි..........................ද
කල්ක කවමින් මෙතෙල් ගෑ ස......ද

මාන්දම් සියල්ල.............................ද
ඉන් පැමිණි ශෝප..........................ද
දුරුව සෙත දී සො..........................ද
වැඩේ දරුවන් බාල සද ලෙ...........ද

දියහඹරල කොළ
පෝටා කොළ
හාතාවාරිය කොළ
වරණා කොළ සහ පොතු
එලබින්තඹුරු කොළ

යන මේවා මිට බැගින් රැගෙන හොදින් කොටා යුෂ රැගෙන ඊට නවසි පොල් දෙකක කිරි නැලියක් දමා හොදින් ජලය සිදෙන තුරු කකාරවා

ගම්මිරිස්
ඉගුරු
සූදුරු
කලුදුරු
අරළු
බුළු
නෙල්ලි
අසමෝදගම්
තිප්පිලි
කරාඹු නැටි
සාදික්කා
වසාවාසි

මේවා කලං 01 බැගින් ගෙන හොදින් කුඩුකර කැකෑරු තෙලට දමා කල්ක පදමට බාගන්න.

කල්ක වෙනම වෙන්කරගන්න. මෙම කල්ක නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් කවමින් තෙල් හිසෙහි ගෑ කල කුඩා දරුවන්ගේ (අවු 4 ට වැඩි) සියළු මාන්දම් රෝග සුව වේ. එනම් කම්මැලිකම් දුරුවී ශරීරය ප්‍රාණවත් වී නුවණ වැඩේ.