ගව වෙදකම - තුන්වන කොටස


* වෙසු ලෙඩ

මෙම ගවයාගේ ගුණ නම් ගොම දියර වාගේ විහිදෙයි. මීට ඖෂධ

1. තනහාලේ කැදට බෙලිපොතු යුස වක්කර පොවනු. මහ තැල්කොළ පොල්කිරි මුසුව පොවනු.
2. ගොඩවරා, කුනුවැල්ල, තිබ්බොටු දළු, වදකහ, ගැටතුඹ මුල්, වැල්කහඹිලියා මුල් මේවා නරමුත්‍රයෙන් අඹරා ගුලිකොට තුඹමුල් යුසින් නස්න කරනු.
3. ඉතා තදනම් නිදිකුම්බා, කුප්පමේනියා, කුරුදුපොතු, දොඩං පැගිරි, වසාවාසි, යෙන්තුඹ, සුදුළූනු මේවා එළමුත්‍රයෙන් අඹරා දොඩං ඇඹුලෙන් කන වක්කරනු.
4. මූනමල් ඇට, එඩරු ඇට, කුඩුමිරිස මේවා එකපමන ගෙන මුරුංගා කොළ යුසින් අඹරා එම යුසින් ඇස ගානු. දහඅටක් ලෙඩට යහපති.
5. පිල දළු, සිවිය දළු, පඹුරු දළු, ගොඩමානෙල්, කිරිබදුවා, නුග ඇට, සුදුළූනු මේවා එක්කොට බුජපත්‍ර යුසින් අඹරා උණුදියෙන් දෙනු. රස්නය වෙයි. ඇල්දියෙන් දෙනු සීතල වෙයි. අන්කෙන්ද යුසින් දෙනු. පිපුමට යහපති.

* සතනජරවෙසුව

මෙහි රෝග ලක්ෂණ නම් ඇස්සුද, ඇග සුදුමැලි වීම
උඩබලා කැරකැවීනම් බේරන්න බැරී. තුන්දවසක් සිටී. මෙයට ඖෂධ

1.කුඩුමිරිස දළු, ඉගුරු, අරළු, කෙහෙල් ඇට, වන්ඇපල මුල්, ඉද්ද මුල්, කුප්පමේනිය, කුරුදු මුල්, රට තෝරඇට, උලුවා, දේවදාර, සන්නිනායන්, සාදික්කා, මේවා මයිල කොළ යුසින් දෙනු. කුරුදු මුල් රට තෝරඅල යුසයෙන් දෙනු. කීකිරිඳිය යුසයෙන් දෙනු.
2. සුදුදුරු, කලුදුරු, සුදුළූනු, ශැස්ත්‍ර වෙල්ලි, ඉගුරු, අරළු, වගපුල්, මිදිමල්, වදමල්, සිවියමුල්, අට්ටික්කාපොතු, වරාපොතු, ඇත්‍සකු, ඉදිමුල් මේවා නෙල්ලි යුසින් අඹරා එම යුසින් දෙනු.