සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්

ආයුබෝවන් ...
මා අද කියලා දෙන්න යන්නේ සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක් කිසිදු ගුරුමුස්ඨියක් නැතිව..මෙය මුලින්ම කියවන්න ඔබ .මෙය සදහන් කරන්නේ ගොඩක් අය හාමුදුරුවනේ ඒ තෙල් වට්ටෝරුව ලබාදීම කරන්න පුළුවන් නම් හොදයි කියලා කිවා .
ඉතින් සැමගෙහි යහපත වෙනුවෙන් ලබාදීම කරන්නේ ..

ඒ වාගේම යමක් කියන්න ඔනි සිංහල මිනිසුන් හරිම කුහක ජාතියක් බහුතරයක් , යමෙකු යමක් කියලා දෙනවාට බහුතරයක් කැමති නැති ඉන්දා තමන්ට වඩා යමෙකු ඉදිරියට යයි මිනිසුන් එයාව ප්‍රසන්සා කරයි මාගේ තැන නැති වෙයි කියන මතයට,කමක්නැ කුහක මිනිසුන් මටවත් ඔබටවත් හදන්න බැරි ය..

මා දියවැඩියාවට ගුරුමුස්ඨි නැතිව බෙහෙත් ලබාදීම කරා ,අර්සස් සදහා ලබාදීම කරා ,නමුත් මා ඔබට ලබාදීම කරන අවසාන වට්ටෝරුව මෙයයි මින් ඉදිරියට කරන්නේ නැති ය....නැති නම් මා බලාපොරොත්තු වුනේ යහපත් යමක් මනුෂ්‍යකම වෙනුවෙන් ලබාදීම කරන්න නමුත් මා හොදටම දැක්ක එයින් යහපතක් නැති බව...

සරස්වතී තෙල් සම්බන්ධ කතා කරන විට ඉතිහාසයේ සරස්වතී තෙල් වට්ටෝරු හතක් පමන ඉපැරැණි පුස්කොල පොත්වල සදහන් වෙයි කිහිපයක් මෙලෙසට ...

01 මහා සරස්වතී තෛලය
02 බ්‍රහම්ම සරස්වතී තෛලය
03 චුල සරස්වතී තෛලය
04 සරස්වතී චුර්නය
05 සරස්වතී තෛලය යනුවෙන් කිහිපයක් ...

සරස්වතී තෛලය තුලින් මා සකස් කරන්න යෙදුණු තෛලය නම් සරස්වතී තෛලය, යන්න ...මෙය සකස් කරන්න කලින් වත් පිලිවෙත් දින 21 පෙර ඉදන් පිරිසිදු වීම උතුම් වෙයි ...

මෙය සකස් කරන්න පුළුවන් මාර්තු මාසයෙහි දීය ,මාර්තු මාසය සාමාන්‍ය තෙල් හිදින මාසය ලෙසට සදහන් වෙයි ඒ නිසා එම මාසය ගන්නා ලදි .....

හොදයි මුලින්ම සුදුසු යහපතක් නැකතකට මුලින්ම ඖෂධ ඇති ස්තාන සොයා ගෙන පිරිසිදු කර ගන්න වෙනවා ...

තෙල සකස් කරන්න ගන්නෙ විහාරස්නයක් හෝ වැවක් පා මුල පිරිසිදු ස්තානයක් ...

මුලින්ම ඔබ පිරිසිදු කෙනෙක් උනා එහෙම නම් දැන් නැකත් සකස් කිරිම කර ගන්න නිවැරැදි ලෙසට ,පලමුව ඔබ ඖෂධ කඩන්න සුදු යහපතක් නැකතක් සකස් කර ගන්න ,දෙවනුව ,ඔබ ඖෂධ ,අඹරන්න නැකතක් සකස් කර ගන්න ,ඉන් අනතුරුව ඔබ ලිප් බැදිමි සදහා සහ ඖෂධ ලිපෙ තියන්න සුදුසු සරස්වතී යොගයක් සකස් කර ගන්න නැති නම් සිද්දි යොගයක් නැති නම් සුදුසු යොගයක් ගන්න ,මෙ කරුණු ටික මදක් සිතෙහි තබා ගන්න ...

සරස්වතී තෛලය හිදින ස්තාන මුලින්ම සදහන් කරපු තැනක් වෙන්න ඔනි එහි මනාව පිරිත් මන්ඩපයක් සකස් කරන්න අලුතින් ,පසුව උඩුවියන් බැද එහි බිම ගොම ගා ලිප් බැද ගන්න ,පසුව අර කියපු සුදුසු නැකතකට ,යොගයකට,සුදුසු දිසාවට, මහා සංඝ රත්නය වැඩම කර පිරිත් සච්චායනා කර තෙල ලිබෙහි තබන්න ....

මෙය දින දහයක් මද ගින්නෙ හිදින්න ඔනි දින දහයම පිරිත් කියන්න ඔනි ස්ත්‍රී පාර්සවය ගාවා ගන්න එපා එය හොදින් මතක තබා ගන්න ..හත් වෙනි දින තෙලට කල්ක දැමිම කරන්න එයටද මුලින්ම කන්න්‍යා නුල් ඇද ආරක්ෂා කරන්න ,පිරිත් නුල් ඇද මුලින්ම ආරක්ෂා කරන්න ....

වට්ටෝරුව...

කොල්ලං කොල,කීකිරිඳිය ,නාගවල්ලි ,මෙකී කොල යුෂ පත පත,සතුරු සම්මට්ටිය කොල යුසනැලියක්,නිදී කුම්බා කොල යුස නැලියක් ,මෙකී නැලි පහට,එල කිරි නැලි තුනක් වක්කර ,සත් දවසක් මද ගින්නෙ ,කකාරා නැලියක තියා ඉට තල තෙල් වක්කර මීට සරක්කු දේවදාර ,හිගුරුපියල් ,සපුකුකුලු ,තිත්තකපුරු,
අඟිල් ,සුවඳ හොට,ගොරොචන ,⁣තිනෙතාරු,
ජටාමාංස ,සුවද කොට්ටං,ඇත් මද,සිරිතෙක්කු ,මෙකී දේ කලද කලද ගෙන කන්‍යා ස්ත්‍රී යකුට කියා අඹරා දුටුසතුටු කොල යුසිං අඹරා තලතෙල් බොතලයක් යොදා තුන් දවසක් මෘදු පාකයට බා තබා තෙල් ලිප තබන දා හොද තැනක ගොම පිරිබඞ ගා පවිත්‍ර ජයමංගල ගාතා කියා පිරිත් දෙසනා කොට තෙල් තනා ගනු ෴(මෙය පුස්කොල පොතෙහි සදහන් අයුරු ) මෙය තල තෙල් බාගයක් කියලා යම් පොත්වල ඇති .....

මෙය රන් සුරයෙහි පලදිනු ,දිව අග ගානු ,යනුවෙන් සදහන් වෙයි සරස්වතී තෛලය මෙය මහන්සි සකස් කර ගන්න එයින් යහපතක් වෙයි ඔබට,මෙයට ජිවම සරස්වතී දැහැනක් බාවිතා කරන්න .එයට නිවැරැදි ලෙසට ගොම ගා මල් බුලත් පුටුවක් සකස් කර ගන්න ....බුදු සරණයි ඔබට
සවස්ති සාද්දම්