පීනස් තෛලය (සියලු පීනසට )

1.පීනස් රෝගය තෛලය

සිවිය මුල්            කුඩුමිරිස්ස මුල්
සැවැන්දරා මුල්   බෙලි මුල්
සස්සද මුල්           හරන් කහා
කළුවා අල

මේ හැම සමබාග ගෙන වියලි පොල් දමා කොටා මිරිකා ලිප තබා මීට

කල්කය : ඉගුරු ගම්මිරිස් සුදුළූණු අබ වදකහා සූදුරු කලුදුරු අසමෝදගම් වලඟසාල් උලුහාල් දේවදාර සාදික්කා තිපල්

මේවා සමව ගෙන අඹරා තලතෙල් එළගිතෙල් එඬරු තෙල් වත්කර කකාරා රන්වන් පැහැයට ආවිට බා පෙරා ප්‍රයෝජනයට ගතයුතුයි .

ගුණාගුණ : මෙය ඉස ගෑමට හා නස්‍යයට යහාපති ඇසේ හිසේ කණේ සියලු රෝග වලට මැනවි.18ක් පීනස් සුවවේ .සතියක් උදේ හවස තෙල් ගා සතියක් දිය නානූ.



2 .පීනස් රෝගය තෛලය

ඉතාම ගුණදායක දේශය පැළෑටි වර්ගයක් වූ ගොටුකොළ, කතුරුමුරුංගා කොළ ,කීකිරිඳිය යන මේවා එක තරමට ගෙන කොටා එහි යුෂ පත බැගින් ගෙන එයට රතු ලූනු යුෂ පත තුනක් දමා එය පොල් කිරි පත හතරක් ද තලතෙල් පතක්ද දමා මදගින්නේ ලිපතබා සිඳින්න .

වැඩි ගින්දරේ නොදා මදගින්නේ හිමින්සීරුවේ සිදින්න.

පීනස් රෝගයෙන් පෙළෙන අය දවසට දෙවරක් තෙල් බිංදු කිහිපයක් හිසට දමන්න .

තෙල් හිසට දමා විනාඩියක් දෙකක් හොඳින් හිස පිරිමදින්න.

මේ සඳහා පුංචි කසායක් ද දැනුවත් කරමි .

අරළු ,තිප්පිලි ,පිටවක්කා මුල් ,රසකිද වියළි ඉඟුරු ,මුද්දරප්පලම් කලං 2 බැගින් ගෙන වතුර පත අටක් දමා පතට සිඳ පත භාගය බැගින් උදේ සවස බොන්න .

මාත්‍රාවට සීනි මීපැණි දමන්න .

ශීත කළ බීම වර්ග බීම හොඳ නැත .පිනි බෑම ,ශීත කළ ආහාර නුසුදුසු ය .

වම්බටු හා බණ්ඩක්කා වැනි එළවළු ඉතාමත් අඩුවෙන් දවල් ආහාරයට පමණක් ගන්න.

මුද්දරප්පලම් වියළි ඉඟුරු රසකිඳ ගොටු කොළ දඬු කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සීනි මීපැණි දමා උදේ සවස බොන්න.

කසාය වඩි හයක්වත් බීමට අවශ්‍ය ය .

දීර්ඝායුස වේවා ..