භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.



1. කසාය

* බලි මුල්, මිදි මුල්, පොල්පලා මුල්, අස්වැන්න සහමුලින්, නෙල්ලි, සුදුහදුන්, මේවා කලං දෙක බැගින් ගෙන මුඟුණුවැන්න මුල් කලං දොලොසක් දමා එකට කොටා අට්නෙකට සිද මී පැණි, සහිඳලුණු දමා උදේ සවස වරු හතරයි. හැලි දෙකයි.

2. වටේ ගෑමට

* හඹරල අලයක් ගෙන උණු අලුවෙන් තම්බා හීනටි හාල් දමා ඇඹුල් දොඩම් ඇඹුලෙන් අඹරා දියකර වටේ ගානු.

3. බැඳීමට

* මඟුල් කරද මුල් පෙරන්ගා සුමුළු ගෙන අමුකහ, තැඹිලි පොල් දමා කොටා තල තෙලින් තම්බා නිවුනාට පසු තුවාලයට තියා බදිනු. දින හතයි.

4. බැඳීමට

* මුරුවා, දිවුල්, මස්බැද්ද කොළ, හීන් තඹල කොළ, හීන් උදුපියලිය සහමුලින් මේවා සමව ගෙන අමුකහ, තැඹිලි පොල් දමා කොටා වංඩුවෙන් තම්බා මිරිකා ඉස්ම ගෙන උළුහාල් කඹලෙන් බැද කුඩුකර දමා පෙරුම්කායම් දමා අව්වේ කකාරා රෙදි කෑල්ලක් තෙමා තුවාලයට එළනු.

5. සේදීමට

* පුවක් ගොඹ, අමුකහ ගොඹ, වල් ඉඟුරු කොළ, ඉත්ත කොළ, ගොලෑ පුවක් මේවා සමව ගෙන අමුකහ දමා තම්බා පෙරා තලතෙල්, සහිඳලුණු දමා තුවාලය සෝදනු.

6. දුම් ඇල්ලීමට

* කොහොඹ ඇට, සුදුහදුන්, අගිල් මේවා සමව ගෙන එකට කුඩුකර එළගිතෙලින් අනා පොල්කටු අගුරු දමා තුවාලයට දුම් අල්ලනු.

7. වටේට ගෑමට

* අරළු, රත්හදුන්, කෝමාරිකා මේවා සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා උදළු තැටිල්ලේ පැස්සවා වටේ ගානු.

8. තුවාල සේදීමට

* ගැටපිච්ච මල් කොළ සහ එම පොතු, පුවක් ගොඹ, රත්මල් කොළ, කොහොඹ කොළ මේවා සමව ගෙන අමුකහ දමා එකට තම්බා පෙරා තලතෙල්, සහිඳලුණු දමා තුවාලය සෝදනු.

9. පසුව බැඳීමට

* දෙහි කොළ පොතු, ඇඹුල් දොඩම් කොළ පොතු, නාරං කොළ පොතු, ඊතණ සහමුලින්, බැලතණ සහමුලින්, අත්තන කොළ මේවා සමවගෙන අමුකහ, ලුණු දමා කොටා තලතෙලින් මළවා බඳිනු.

10. ඊට පසු බැඳීමට

* කරඳ මුල්, කැති දෙඹට මුල්, අංකෙන්ද මුල්, කහට මුල්, රත්මල් මුල් සහ එම දළු, මොරවැස්ස කොළ මේවා සමවගෙන කොටා දියවත්කර මිරිකා ඉස්ම නැලිය බැගින් ගෙන ලිප තියා මීට බිං දුම්මල, කරපු, සාදික්කා, වසාවාසි, සුදුලුණු, වියලි ඉඟුරු, අරළු, කළුදුරු, සූදුරු මේවා සමව ගෙන එකට අඹරා පළමු ඉස්මට දියකර තලතෙල් නැලියයි, පොල් කිරි නැලියයි වත්කර තෙල් පදමට සිඳ පෙරා පොල් මලේ සුමුළු ගෙන අව්වෙන් වේලා තෙලෙන් තෙමා තුවාලයට බඳිනු.