නවරත්න කල්කය

අසමොද තිප්පිලි දුරු දෙක සුගු   ළු

ගුන සොද වැල්මී දෙවදුරු බුළු    ළු

ගෙන සොද සාදික්කා නාගර      ළු

ඇට සොඳ සන්නිද නායන් බිජු    ළු




කරාබු වසවාසි ද කුළු රෑ                     ණ

කිරා මෙහැම ඔසු සම කොට රැගෙ       ණ

නුරා අරළු වෙන් දෙබරකකිර               ණ

කිරා බුළුද ගනිමින් එක බර                 ණ




අවයුරු මීපැනියෙන් අබරා                  ලා

පෙම කර තබ කරුවක තබා                ලා

නාගරයුසයෙන් දුන්නොත් යොද          ලා

පාකර දෙයි සන්නිත් අත්  ඇර              ලා




සිත් ලෙස උදුරා ගන මුල් මිරික            ළු

අත් ඇරයෙයි දෙනු සන්නිද සිය            ළු

ගත් සොඳ මිරි සද මුල් වැඩ යුස            ළු

එත් ගුන කර දෙයි සන්නිද සිය             ළු




සහතුට අමයුරු කොහොබ තෙලින් සො     ද

දහ අට සන්නිය දුරු වෙයි සිඳ බි                ද

මිරිසට තඹා යුසයෙන්  දුන් ස                   ද

සනිකට ගුන වෙයි තද ඇවිලිල්ල               ද




බඩත් ගසාගෙන යේනන් වම                     නේ

කොලත් සමග උඳුපියලිද රැගෙ                  නේ

දුනොත් මෙලෙෂ රුසිවරු කී ලෙසි             නේ

ගුනත් වේය හනිකට තද වම                     නේ




තුඩින් නෑර වමනේ යන සත හ                  ට

දොඩන් ඇඹුල් ගෙන දෙන්නේ එම  වි        ට

සිදක්කා ගලගා දෙසි ඇඹුල                       ට

දුන්නොත් වමනේ නවතී අත්පි                  ට




විලද සුනුද සහ මී පැනි සීනි                  ද

කලද කලද ගෙන මේ හැම අවුස           ද

ගුනද වේය දුන්නොත් වමනේ ත          ද

එසද දෙවන් උප්පැනියෙන් ඊට             ද



තුඩින් නෑර එන අතීසාරයෙ                 න

එදන් පොතුද යුසයෙන් දෙනු තුන් දි      න

තදින් රුදාවී ලේ බින්දා ය                   න

තැබිලි මල් ද අට්ටික්ක යුසයෙ            න




සෙලෙස කිපී එන කල විගසින                 නේ

මෙලෙස දොඩන් ඇබුලෙන් ගෙන දෙන්     නේ

සෙලෙස යේය අමදුටු බිගු වැන්                නේ

විලද සීනි තන කිරි සහ දෙන                    නේ




මුලා නොවීරුසි කල වෙදර                 නේ

වලා අදුරු බිද පැස දරන්                     නේ

බලා මේස කල හොත් ගුන රත්           නේ

දුලා සපිරි කල්කය නවරත්                 නේ