ගම්මිරිස් - 5 g
කොත්තමල්ලි - 10 g
අමු ඉගුරැ - 10 g
දෙහි කොල - 10 g
යකිනාරං කොල - 10 g
මේ ටික මැටි මුට්ටියකට දාලා වතුර අඩු කෝප්ප 4 ( ලීටර එකක් ) දාලා කෝප්ප 2 ක් (ලීටර භාගයක් ) ඉතිරි වනතෙක් මද ගින්දරේ හොදින් තම්බන්න..
යකි නාරං නැතිනම් ඒ වෙනුවටත් තවත් දෙහි කොලම 10 g එකතු කරගන්න..
මේ ප්‍රමාණය කොරෝනා Positive කෙනෙකුට නම් එක දවසකට දෙන ප්‍රමාණය..
බොන්න දෙන විදිහ තමයි කෝප්ප භාගයක් ( 125 ml ) ගානේ දවසට හතර පාරක්..
8.00am, 12.00pm, 4.00pm, 8.00pm
කොරෝනා හැදිච්චි නැති කෙනෙකුට කොරෝනා හැදෙන්නේ නැතිවෙන්න ප්‍රතිශක්තිකරණය හදාගන්න හෝ නිරෝදායනයේ ඉන්න කෙනෙකුට නම් ඉහත බෙහෙත් ප්‍රමාණයම ඒ විදිහටම තම්බලා හදලා වැඩිහිටි දෙන්නෙකුට බොන්න ඇති.. ඒ කීවේ සාමාන්‍ය අයට ඒ බෙහෙත කෝප්ප භාගය ගානේ දවසට දෙපාරක් බීවාම හොදටම ඇති..
මේ විදිහට කොරෝනා Positive කෙනෙකු සති 3ක් බොන්න ඕනේ.. මේක බොන්න පටන් ගත්තාම දවස් හතරෙන් ලෙඩාගේ ගොඩාක් අමාරු අඩුවෙලා ලෙඩා සාමාන්‍ය වෙනවා. ඒත් සති 3ක් බෙහෙත බොන එක වැදගත්..