රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය සදහා උපදෙස් .



1.සත්ව ආහාර.

හරක් මස් ,ඌරූ මස්, දැල්ලෝ, පොකිරිස්සෝ, කකුලුවන්,ඉස්සන් අහාරය සම්පූර්ණයෙන් නතර කිරීම හෝ හැකිතාක් අඩු කිරීම.

2.ගැබුරු තෙලේ බදීන ලද ආහාර

උදා- ෂොටීස් වර්ග,වඩේ,බයිට් වර්ග

හා පොල් මිටි කිරි හා පොල් තෙල්, එලවලු තෙල්, මාගරින් යොදා සකසන ආහාර හැකිතාක් අඩුකොට ආහාර මිරිසට හෝ දෙවන කිරෙන් සකස් කිරීම.

3.පාන් පිටි ආහාර බිස්කට් හැකිතාක් අඩු කිරීම.

උදා- පාන්,රොටී,ඉදි ආප්ප,බිස්කට් වර්ග කොත්තු,නූඩ්ල්ස්

4.මුදවපු කිරි,යෝගට් සහ පිටි කිරි විශේශයෙන් හා කිරි ආහාර හැකිතාක් අඩුකිරීම හා බිත්තර කහ මදය රහිතව ගැනීම.

5.උදයට කිරිතේ වෙනුවට ඖශදීය පානයක් හෝ කොලකැද පානය කිරිම.

උදා- රනවරා,බෙලිමල්,බෙලි කටු,ඉරමුසු හෝ කර පිංචා,හීන් බෝවිටිය,යකි නාරාන්....කොල කැන්ද

6.මැල්ල,කැබැල්ල,තෙබු ,සාරන,මුගුනුවැන්න,අගුනකොල,කරපින්ච,මුරුන්ගා,කතුරුමුරුංගා කොල ආහාරයට එක්කර ගැනීම.

7.කරපිංචා ,කුරුදුපොතු ,ගොරක,සුදුළූණු අබරා ආහාර සමග දිනකට දෙතුන් වරක්.

8.ජලය අවම දිනකට 2.5-3 L පානය කරන්න.

9.ඉහත සදහන් ඉස්සන් ,දැල්ලන්,කකුලුවන් වැනි කවච සහිත මුහුදු ආහාර හැර අනෙක් මාළු වර්ග අනුබව කල හැක.

10.දිනකට අවම වශයෙන් විනාඩි 40 ක් ඇගට දැනෙන ලෙස ඇවිදීම හෝ පිහිනීම.එලෙසම දිවීම,බයිසිකල් පැදීම වැනි ව්‍යායාම කල හැක.

11.රාත්‍රි අහාරය නින්දට අවම ලෙස පැය දෙකකට පමන පෙර ගැනීම හා එය සැහැල්ලු ආහාරයක් වීම.කිසිවිටකත් තෙල් අදික බර ආහාර නොගැනීම.

උදා-රාත්‍රී ආහාරය සදහා එලවළු පමනක් තම්බා ආහාරයට ගැනීම,එලවළු සුප් එකක් පමනක් ගැනීම,නිවුඩු තැම්බු සහල් බත් උපරිම අඩු කෝප්ප එකක් සමග එලවළු

ඉහත සදහන් උපදෙස් අධික කොලෙස්ටෙරෝල් මට්ටම පාලනයට උපකාරී වන අතර පවතින අනෙකුත් රොග තත්ව මත වෙනස්විය හැක