මහා චුර්ණය හෙවත් මහා සරස්වති චුර්ණය ..
ආයුබෝවන් ...
මෙය කුමක්ද කියලා අද අපි සරලවම කතා කරමු ,සියලු ලෙඩ සදහා උතුම් චුර්ණයක් ලෙසට පුස්කොල පොතෙහි සදහන් වෙයි .
මෙය අනිවාර්යයෙන් ඉපැරැණි වෙද මහත්තුරු විසින් සකස් කර තමන්ගේ සන්තකයේ තබාගෙන සිටි බවත් එයින් වැඩ ගත් බවත් මා අසා තියනවා .
දිනක් මට මාතර මහත්තයෙක් හමිබ වෙනවා එතුමා මට නිතර සදහන් කරා අපේ හාමුදුරුවනේ මහා සරස්වති චුර්ණය හදමු කියලා ඇත්තටම මට මතකයෙහි තිබුණි නැති මා ලග ඒ බෙහෙත් වට්ටෝරු තිබුණු බව මා පසුව එතුමාට සදහන් කරා මා ලග වට්ටෝරු නැති කියලා පසුව එතුමා මට බොහොම වැදගත් කරුනු ටිකක් සදහන් කරා .අපේ හාමුදුරුවන් වහන්ස අපේ සීයා වෙද මහත්තයෙක් ඉතින් අපේ සීයා මට මතකයි පොඩි කාලේ ඔය චුර්ණය හැදුවා ඉතින් සීයාගේ පොත් මා ලග තියනවා මන් වට්ටෝරු දෙන්නම් ඔබ වහන්සේ හදන්න කිවා පසුව එතුමා මට වට්ටෝරු ලබාදීම කරන්න යෙදුණේ .
තවත් දෙයක් මෙ මහා සරස්වති චුර්ණය සදහා බෙහෙත් විතරක් අරන් මදි අපේ හාමුදුරුවනේ ඒකට වෙනම චුර්ණය එලගිතෙල් මී පැණියෙන් චුර්ණ කරද්දී වෙනම මන්ත්රයක් තියනවා එකෙන් ජිවමත් කරන්න ඔනි කියලා සදහන් කරලා එතුමා මට ඒ මන්ත්ර සහ වට්ටෝරු ලබාදීම කරා .මන් එතුමාගේන් ඇහුවා අයියා මෙ බෙහෙත ගැන අහල තිබුණි මන් නමුත් හදලා ලබාදීම කරපු කෙනෙක් සම්බන්ධ විස්තර දන්නැති මට පුළුවන් නම් සීයා මෙ බෙහෙත කුමක් සදහා ද ලබාදීම කරන්න යෙදුණේ කියලා පැහැදිලි කරලා දෙන්න කියලා මන් කිවා .පසුව එතුමා මට සදහන් කරා මෙ චුර්ණය ඔනිම ලෙඩකට හොඳයි අපේ සීයා එහෙම කියලා තියනවා .මෙහි දුර්ලභ දෙයක් තමයි රස කිඳ වැලෙහි පිටි ගන්න ක්රමය ඒක තමයි මෙහි හරියට දැන ගන්නා ඔනි කියලා එතුමා මට ඒකත් පැහැදිලි කරලා දුන්නේ ...
නමින් එතුමා (තුෂාර )නම සදහන් කරන්න යෙදුණේ එදා එතුමා මට ලබාදීම කරන්න යෙදුණු වට්ටෝරු අද මාගේ පුස්කොල පොතෙහි එලෙසටම සදහන් නිසාය.....
මෙ මහා සරස්වති චුර්ණය පැරණි මුතුන් මිත්තන් විසින් ඒ නමින් සදහන් කරලා නැති මහා චුර්ණය ලෙසට සදහන් කරලා තිබුණි බවටත් සදහන් වෙයි ..මෙය ඉතාමත් පිරිසිදු ලෙසට සකස් කරන්න ඔනි මෙය සකස් කරද්දී වෙනම මන්ඩපයක් සකස් කරලා එහි මල් පැල සතරක් හදලා තුන් සුත්රය සජ්ජායනාවක් කරමින් සකස් කරන්න යනුවෙන් වෙද මහත්තයා විසින් මට පවසා ඇත...
වට්ටෝරු ආරම්භ වෙන්නෙ ....
වසාවාසි,සාදික්කා ,තිපපිලි,හාතාවරිය අල,
වදුරු මෑ ඇට,ඉකිරි ඇට,උදු ඇට,රස කිඳ පිටි,ගුගුල්, අමුක්කරා, යන ආදි ඖෂධ 60 වඩා ප්රමාණයක් එයි ...
මෙහි ගුන පුස්කොල පොතෙහි සදහන් අයුරින්
එල කිරෙන් දිය කර පානය කරනු.
ළුනු ඇබුල් වලකිනු, මෙි හැටි බාවිතා කර කල්හි මෙහි ගුන, වාත පිත සෙලෙස්මා විකාරද රකත දොසයෙන් වන විකාරද ,සප්ත ධාතුවෙන් වන විකාරද ,මෙම විකාරයෙන් ශරිරයට අට ගන්නා ලෙඩද,දැවිල්ලද,ගිනියමද
වයස් නොගොස් ඉස කෙස් පැසීම ද, ඉස වෙලීමද, කරකැවීමද,ඉසෙ හට ගන්නා සවිස්සක් රොගද කාචතිමිර පටල යනාදී වු නෙත්ර රොගද, නාසයෙහි රොගද,දන්ත රෝගද,
මුක වියලීමි පැසවීමිද,කුෂ්ඨ ද දන්ත යනාදී මහා රොගද ,ප්රමෙිහ රෝගද ,මූල රෝගද ,මූල රෝගයෙන් අට ගන්නා කුෂ්ඨ රෝගයද,අර්සස් ,බගන්දරා ,ගනාන්ද කාරයට
වන් සුර්ය දිව්යරාජයෙකු වැන්නේය,මෙම අවුසදය භාවිතා කලේ වී නම් දහසක් පමණ ශරිරයට ධාතු බල වැඩෙන්නේ ය,කිදුරු නාදය මෙන් කට හඬ වන්නේ ය,ශරිරය විවර්න්න වන්නේය ,මයුරයන්ගෙ නෙත්ර මෙන් ඇස් දිෂ්ඨි වන්නේ ය,සුකර්න්න මෙන් බිහිරි ඇරෙන්නේ ය,බ්රහස්පතී මෙන් ප්රඥාව වැඩෙන්නේ ය,මෙම අවුසදය අනිකුත් අවුස්දයන්ඩ දස බල වන්නේ ය, මහා චුර්ණයයි.....
යනුවෙන් සදහන් වෙයි ...
ආයුබෝවන් ....